නාරායන්ගේ නවතම කෘතිය වන ග්‍රෑන්ඩ්මදර්ස් ටේල්, නැගෙනහිර ඉන්දියා සමාගමේ පසුකාලීන යුගයේ ජීවත් වූ ඔහුගේ මිත්තණියගේ කතාවයි. මධ්‍යම චරිතය වන බාලා, වයස අවුරුදු හතේදීම, දස හැවිරිදි පිරිමි ළමයකු වූ විශ්වා සමඟ විවාහ වූවාය. දිනක්, පන්ඩරිපූර් වෙත යන වන්දනාකරුවන් පිරිසකට එක්වෙමින්, ඇයට සමුදී ඔහු පිටත්ව ගියේය. අවුරුදු ගණනාවක් ගත වුවද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබුණි.
දැන් තරුණ කාන්තාවක් වන බාලාට, ඇගේ සැමියාගේ ඉරණම ගැන මුළු අග්‍රහාරමම කේලාම් කියද්දී, ජීවිතය අතිශයින් දුෂ්කර විය. ඔහු සොයා ගැනීමට අධිෂ්ඨාන කරගෙන ඇය නිවසින් පිටත් වූවාය. පූනා වෙත ඇය ගිය දුෂ්කර ගමන, විශ්වා සොයා ගැනීමේ ඇගේ සාර්ථකත්වය සහ දකුණට නැවත පැමිණෙන ලෙස ඔහු පෙළඹවීම, ඉන්පසු කුම්භකෝණම්හි ඔවුන්ගේ දීර්ඝ සතුටුදායක ජීවිතය — එහිදී දරුවන් පස්දෙනෙකු ඔවුන්ට උපත ලැබීය — බාලාගේ මරණය සහ අවසානයේ ඔහුගේ කුක්ගේ වස දීම නිසා විශ්වාගේ මරණය, යන මේ සියල්ල කතාවේ ඉතිරි කොටස සාදයි.
අහිංසක පාසල් සිසුවියකගේ සිට ස්ථිර, අධිෂ්ඨානශීලී, ආක්‍රමණශීලී තරුණ කාන්තාවක් දක්වාත්, අවසානයේ නිහඬ, යටහත්, සම්ප්‍රදායික හින්දු භාර්යාවක් දක්වාත් බාලා නිරූපණය කිරීම සිත් ඇදගන්නා සුළුය! හුරුපුරුදු නාරායන් පාඨකයාට "කතා කරන මිනිසාගේ" චරිතය තුළ කතුවරයාම දැකීමට නොවරදවාම හැකි වනු ඇත!
කොළඹ, ගාලු පාරේ බෙයාෆුට් පොත්හල විසින් සපයන ලදී.


