From the publisher
රාත්රිය පිනිබර විය. ගහ කොළ, රෑ බෝ වී නැගෙනහිරින් පෑයූ සඳ එළියේ ගොළු අවතාර පරිද්දෙන් පිදුරු මඩුව වට කොට එස වී තිබිණි. හෝහපුටු වදය තිබුණ ද නැදුන්ගේ බර නින්ද නොබිඳිණි...
ඉරිමා උදේ යාන්තමින් දුඹුරුවන් ආලෝකය අඳුර තුනී කරන්නට පටන් ගනිත් ම නැදුනේ අවදි වූයේ ය. කොබෙයියකුගේ ස්වරයට අනතුරුව කුකුළන් එකා දෙන්නා හඬලනු ඇසිණි.
දෑස් විවර කරත් ම සුදු පිරුවටයක් පරිද්දෙන් හාත්පස මීදුම ගලා ඇති අයුරු ඔහු දුටුවේ ය. වකගැසී ගත් ගමන් පොඩ්ඩි සිටියේ නිදමිනි. සීත ද, කයෙහි පිබිදුණු ස්වභාවය ද ඔහු ඈ උණුසුම් සිරුර වෙත ළං කෙරිණි.
Wasanga by Keerthi Welisarage is a Sinhala book published by Sarasavi Publishers, listed under Fiction & Literature, Novels, Swarna Pusthaka 2026.
Book details
| Title | වසඟ (Wasanga) |
| Author | Keerthi Welisarage |
| Language | Sinhala |
| Pages | 365 |
| Cover | Soft Cover |
| ISBN | 9789553135087 |
| Publisher | Sarasavi Publishers |



