Lakpura
Lakpura® · Knihy

Kuniya Kinni

Od146.24 CZK

From the publisher

නූතන සිංහල නවකථා කලාව තරුණ ලේඛිකාවක් අතින් අර්ථාන්විතව වර්ණවත් වන අන්දම ප්‍රශංසනීය වේ.

තරුණියක, පෙම්වතියක, බිරිඳක මෙන්ම මවක ලෙස අත්විඳින ජීවන සන්තාපයන් ලේඛකයෙකුට වඩා ගැඹුරින් හා නිර්ව්‍යාජව ලේඛිකාවකට නිරූපණය කළ හැකි බවට මගේ විශ්වාසයයි. ඒ බව සනාථ කරන මනා නිදසුනක් ලෙස දිල්රුහා සෙව්වන්දිගේ “කුනිය කින්නි” නවකතාව හැඳින්විය හැකිය.

නූතන ගැහැනියගේ සංකීර්ණ ජීවන යථාර්ථය, අතීත ජනශ්‍රැති හා ජනප්‍රවාද සමඟ පරිකල්පනාත්මකව ගොඩනඟා ඇති ආකාරය රමණීයය. ස්ත්‍රිය පිළිබඳ සමාජයේ නොපෙනෙන අඳුරු පැතිකඩක් සංවේදී හැඟීම් ඔස්සේ පාඨකයා ඉදිරියට ගෙන එන මෙම කෘතිය, මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු ජීවිතාවබෝධයක් ලබා දෙයි.

චරිත නිරූපණයේ සමත්කම, රචනා රීතිය සහ කතාවේ සංදර්භය පාඨකයාගේ ආස්වාදය තීව්‍ර කරන අතර, අවසානයේ හදවත සසල කර නෙතට කඳුළක් නංවන්නටද සමත් වේ.

“කුනිය කින්නි” නවකතාවෙන් දිල්රුහා සෙව්වන්දි ස්වකීය ප්‍රතිභාව පමණක් නොව ජීවන දෘෂ්ටියද මනාව විදහා දක්වා ඇතැයි නොවළහා ප්‍රකාශ කරමි.

— සම්මානිත මහාචාර්ය සරත් විජේසූරිය

Kuniya Kinni by Dilrubha Sewwandi is a Sinhala book published by CR Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleකූනිය කින්නි (Kuniya Kinni)
AuthorDilrubha Sewwandi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249101418
PublisherCR Publishers

Technické údaje

GTIN / čárový kód9786249101418
Hmotnost zásilky250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®