From the publisher
" අපි කොහොමටත් හෙට උදේම මෙහෙන් යන්න තමයි ඉන්නේ...9" ජුලියන් කිව්වා. " හැබැයි අපි ඔහේලට බයේ දැන්මම මෙහෙන් යයි කියලා නම් හිතන්න එපා.! මේ විල ඔහේලගේ බූදලයක් නෙමෙයි. ඔහේලට විතරක් නෙමෙයි අපිටත් මෙහේ ඉන්න අයිතියක් තියෙනවා. දැන් ඉතින් අපිට කරදර නොකර මෙතනින් යනවලා යන්න.!"
"මේ කොල්ලගෙ කට වැඩියි. මම අද හොඳ පාඩමක් උගන්නලා තමයි පස්ස බලන්නේ..." කියමින් ලෝව් තරහින් පුපුරමින් ආයෙත් වතාවක් කැරවෑනයට අත මිට මොළවා පහරක් ගැසුවා. ඉන් පසුව බඳ පටියත් ගලවාගෙන ජුලියන්ට පහර දෙන්නට ඉදිරියට ආවා.
ඒත් එක්කම ටිමී බුරමින් ලෝව්ගේ ඇඟට පැන්න. ලෝව් ටිමීට බඳ පටියෙන් පහර දුන්නා. ටීමි වහා ඉවතට පැන ඉන් බේරුණා. ලෝව් ආපසු පහර දෙන්නට හැරෙනවාත් එක්කම ටිමි ඔහුගේ කලිසම් කකුලේ එල්ලුණා. ලෝව්ගේ කලිසම 'කක්රාස්...." හඬින් ඉරේ ගියා. ඔහු ටේමිගෙන් ගැළ වී ඉවතට පැන ගත්තා.
Kerawenayakin Charikawak - by Prageeth Maduranga Aluwaththa is a Sinhala book published by Masitha Prakashakayo, listed under Adventure, Children's Books, Translations.
Book details
| Title | කැරවෑනයකින් චාරිකාවක් - (Kerawenayakin Charikawak -) |
| Author | Prageeth Maduranga Aluwaththa |
| Language | Sinhala |
| Pages | 143 |
| Cover | Soft Cover |
| ISBN | 955-8976-74-3 |
| Publisher | Masitha Prakashakayo |


