Edinborough ආරම්භ වූයේ 1973 දී ය. India ජාතික ව්‍යවසායකයෙකු වන C.M.M.R. Pasha මහතා, ඉතා සීමිත වෙළඳපොළක් ඉලක්ක කරගෙන නිවසේ දී කෝඩියල් නිෂ්පාදනය ආරම්භ කළේ ඒ කාලයේ ය. ව්‍යාපාරය ඇරඹුවේ නිශ්චිත දැක්මකින් යුතුව ය. ආරම්භක සාර්ථකත්වයත් සමඟ, ඔහු කාලාන්තරයෙන් Soya සෝස්, තක්කාලි සෝස්, ජෑම් සහ චට්නි දේශීය වෙළඳපොළට හඳුන්වා දුන්නේ ය. කෙටි කාලයක් තුළ දී එය පාරිභෝගිකයන් අතර "Edinborough Products" නමින් ප්‍රචලිත විය.