From the publisher
විවාහයත් සමග ජීවිතයට අලුත් පරිච්ඡේදයක් එක්වන්නේ නැවුම් බලාපොරොත්තු මතිනි. දෙදෙනාගේ සිතුම් - පැතුම් ඔවුනොවුන් විසින් වටහාගැනීම මෙහිදී ඉතා වැදගත් වේ.
නැකැත් බලා, පොරොන්දම් ගළපා, පෝරුවට නැඟ යුග දිවි ගමනට මුල පිරුවද අඹුසැමි සබඳතා බිඳෙන්නේ ඇයි? ලිංගික ජීවිතයේ උපරිම තෘප්තිය නොලැබී යන්නේ ඇයි?
මනෝ විද්යාත්මකව මේ කරුණු පිළිබඳව විග්රහ කර බැලීම වටී.
ලිංගික විද්යාව පිළිබඳව විවෘතව කතා කිරීම එක් අතකින් මිනිස් සමාජය දැනුවත් කිරීමකි. මෙම කරුණු සදාචාර තහංචි දමා මුළු ගන්වා තිබීම කාලෝචිත නොවේ. අලුත විවාපත්වන ඇතැම් තරුණ පිරිස් බොහෝවිට ජීවිතය විඳිනවා වෙනුවට විඳවන්නේ නොදැනුවත්කම, පටු මතාන්තර වැනි කාරණා හේතුවෙනි.
යහපත්, ප්රීතිමත් අඹුසැමි ජීවිතයක් සඳහා බෙහෙවින් බලපාන කරුණු - කාරණා ගැන මෙහිලා පුළුල්ව සාකච්ඡා කැරේ.
Sathuta Windinnata by Sumanadasa Samarasinghe is a Sinhala book published by Sarasavi Publications, listed under Academic & Reference, Creativity, Happiness.
Book details
| Title | සතුට විඳින්නට (Sathuta Windinnata) |
| Author | Sumanadasa Samarasinghe |
| Language | Sinhala |
| Pages | 116 |
| Cover | Soft Cover |
| ISBN | 9789553108340 |
| Publisher | Sarasavi Publications |



