From the publisher
අල්ලාගත් මාළු කූරීන් පීතරගෙ කඩයට දී ඒ මුදලට ආප්ප රැගෙන මම ගෙදර ගියෙමි.මම ආප්ප ටික ලොකු අක්කාට දුනිමි. අම්මා කොණ්ඩය පීරමින්කුස්සියට ආවේ ඒ අතරය.චූටියා අම්මාගේ චීත්තයේ ඒල්ලී හඬමින් එයි.
"කට පියාගෙන හිටපිය... ආයෙ බලියන්න පටන් ගත්තොත් දෙනවා තොට පොල් පිත්තක්අරං.. ඇයි යකෝ තොපිලගෙ සුමේ කරලම මට නිදහසක් නෑ.. එළිවෙච්ච වෙලේ ඉදලම මටවද දෙනවා...
ලොකු අක්කාත් මමත් මූණෙන් මූණ බලා ගත්තෙමු. අම්මා ළමයින් වැදුවා විතරය. උන්ව හදන්නේ ලොකු අක්කාය. නංගිලා මල්ලිලා රංචුවේ සියලු දහදුක විඳින්නේ ලොකු අක්කාය.
"කොයින්ද උඹට ආප්ප ගත්ත සල්ලි..?"අම්මා මගෙන් ඇසුවේ අක්කා අත වූ ආප්පයක් කඩා කටේ දමා ගනිමින්ය." මං මාළු අල්ලල වික්කා...”
"ඔක්කොම වික්කද?.…… නොදකින් අපටත් දෙන්නෙක් ගේන්න එපායැ. යකෝ මේකට
තව පොල්කිරි ටිකක් දැම්මනම්. කිරි පීතරගෙ ගෑනිගෙන් ගන්නවා වගේනෙ හරියට ... පොල්කිරි පෙන්නලා විතරයි..”අම්මා රස පරීක්ෂා කොට ගුණ දොස් කීවාය.."ලොක්කි...මං යනවා. එද්දි හවස් වෙයි. ලොකු හාමිනේලගෙ දිහා හෙට වතා දානෙ. මං වී කොටලා දෙන්න යනවා. මේකෙම රිංගගෙන ඉදලා හරියන්නෑ. යන ලෝකෙටත් මොනාහරි කරගන්න ඕන..."
Pawuru Bida by රන්දික කඩවතආරච්චි is a Sinhala book published by වර්ණ ග්රැෆික් සහ ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | පවුරු බිද (Pawuru Bida) |
| Author | රන්දික කඩවතආරච්චි |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786246103026 |
| Publisher | වර්ණ ග්රැෆික් සහ ප්රකාශන |



