Lakpura
Lakpura® · 本

Pichcha Mal Hinaya

から¥473

From the publisher

පිච්ච මල් හීනය “මගේ අත අතාරින්න අශී… ප්ලීස්…” මම බොහොම සංයමයකින් පාලනය කරගත්තු කටහඬකින් කතා කළේ… හැඟීම්වලට ඉඩ දුන්නොත් මට වෙන්නේ අඬන්න…

“ඇයි දැන් මම අල්ලනකොටද අමාරු… අරූ කර වටේ අත දාගෙන ඉන්නකොට කිසිම අමාරුවක් තිබ්බේ නෑ නේද…”

අශීගේ තරහව පිපිරෙනවා… ඒත් එයාට කිසිම සාධාරණ අයිතියක් නැහැ මේ විදිහට තරහා ගන්න. මේ තරමටවත් මම නෝක්කාඩු ගන්නේ මම එයාට ආදරේ කරන නිසා… ඒත් යාළුකමට, ඒ හැඟීම අයිති නැති නිසා මම උපරිම උත්සහ ගන්නවා. ඒ හැඟීම් හංගන්න. මානවිවයි අශීවයි එක තැන දකිද්දී තරහා නොගෙන ඉන්න. ඒත් අශීගේ හිතේ මං ගැන තියෙන්නේ යාළුකමක් විතරයිනම් එයාට මේ තරම්වත් තරහා ගන්න අයිතියක් නැහැ.

“එයයි ඔයයි කියන්නේ මට දෙන්නෙක් අශී. ඔයා මගේ යාළුවා… යාළුවා ඉන්න ඕන සීමාවක් ඇතුලේ…” හිතේ තිබ්බ තරහවට මම ලොකු පණ්ඩිත කතාවකුත් කියලා දැම්මා.

“අහ්… ඒකත් එහෙමද… එතකොට මම ඉන්න ඕනා සීමාවල් ඇතුලේ. එතකොට විශ්වට සීමාවල් පනින්න දීලා තියෙන්නේ ඇයි කියලත් මට කියන්න පුළුවන්ද මැඩම්…?” අශී සන්සුන් වෙන්න දරන උත්සහයේ පවා තියෙන්නේ තරහවක්.

“ඔව්… ඔයාට විතරක් නෙමේ මටත් පුළුවන් ආදරය කරන්න. මම විශ්ව අයියට ආදරෙයි.”

මම මගේ තුන් හිතකවත් තිබ්බේ නැති දෙයක් කියලා දැම්මා. අශීගේ මුහුණට ආවේ මම කවදාවත් දැකලා නැති තේරුම් ගන්න බැරි බැල්මක්. මට ඕන වුණේ අශීට රිද්දන්න. මම වෙන කෙනෙක්ට ආදරේ කළාම අශීට රිදෙනවද බලන්න. හරියට එයා වෙන කෙනෙක්ට ආදරේ කළාම මට රිදෙනවා වගේ.

“විශ්ව දන්නවද මේක…? අශී අර අමුතු බැල්ම පිටින්ම මගෙන් අහුවා.

“නැහැ…”

“මෝඩ වෙන්නෙපා ඕයි… ඒකට කෙල්ලෙක් ඉන්නවා...”

Pichcha Mal Hinaya by Madhushika Dilhani is a Sinhala book published by Nohandunanni Publications, listed under Fiction, Novels.

Book details

Titleපිච්ච මල් හීනය (Pichcha Mal Hinaya)
AuthorMadhushika Dilhani
LanguageSinhala
Pages256
CoverSoft Cover
ISBN9786245558124
PublisherNohandunanni Publications

技術仕様

商品番号LKZJ9FRA7H
GTIN / バーコード9786245558124
配送重量322 g
Madubashini
商品アドバイザー

Madubashini マネージャー

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Madubashiniに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問