Lakpura
Lakpura® · පොත්

Pichcha Mal Hinaya

සිටRs 996.63

From the publisher

පිච්ච මල් හීනය “මගේ අත අතාරින්න අශී… ප්ලීස්…” මම බොහොම සංයමයකින් පාලනය කරගත්තු කටහඬකින් කතා කළේ… හැඟීම්වලට ඉඩ දුන්නොත් මට වෙන්නේ අඬන්න…

“ඇයි දැන් මම අල්ලනකොටද අමාරු… අරූ කර වටේ අත දාගෙන ඉන්නකොට කිසිම අමාරුවක් තිබ්බේ නෑ නේද…”

අශීගේ තරහව පිපිරෙනවා… ඒත් එයාට කිසිම සාධාරණ අයිතියක් නැහැ මේ විදිහට තරහා ගන්න. මේ තරමටවත් මම නෝක්කාඩු ගන්නේ මම එයාට ආදරේ කරන නිසා… ඒත් යාළුකමට, ඒ හැඟීම අයිති නැති නිසා මම උපරිම උත්සහ ගන්නවා. ඒ හැඟීම් හංගන්න. මානවිවයි අශීවයි එක තැන දකිද්දී තරහා නොගෙන ඉන්න. ඒත් අශීගේ හිතේ මං ගැන තියෙන්නේ යාළුකමක් විතරයිනම් එයාට මේ තරම්වත් තරහා ගන්න අයිතියක් නැහැ.

“එයයි ඔයයි කියන්නේ මට දෙන්නෙක් අශී. ඔයා මගේ යාළුවා… යාළුවා ඉන්න ඕන සීමාවක් ඇතුලේ…” හිතේ තිබ්බ තරහවට මම ලොකු පණ්ඩිත කතාවකුත් කියලා දැම්මා.

“අහ්… ඒකත් එහෙමද… එතකොට මම ඉන්න ඕනා සීමාවල් ඇතුලේ. එතකොට විශ්වට සීමාවල් පනින්න දීලා තියෙන්නේ ඇයි කියලත් මට කියන්න පුළුවන්ද මැඩම්…?” අශී සන්සුන් වෙන්න දරන උත්සහයේ පවා තියෙන්නේ තරහවක්.

“ඔව්… ඔයාට විතරක් නෙමේ මටත් පුළුවන් ආදරය කරන්න. මම විශ්ව අයියට ආදරෙයි.”

මම මගේ තුන් හිතකවත් තිබ්බේ නැති දෙයක් කියලා දැම්මා. අශීගේ මුහුණට ආවේ මම කවදාවත් දැකලා නැති තේරුම් ගන්න බැරි බැල්මක්. මට ඕන වුණේ අශීට රිද්දන්න. මම වෙන කෙනෙක්ට ආදරේ කළාම අශීට රිදෙනවද බලන්න. හරියට එයා වෙන කෙනෙක්ට ආදරේ කළාම මට රිදෙනවා වගේ.

“විශ්ව දන්නවද මේක…? අශී අර අමුතු බැල්ම පිටින්ම මගෙන් අහුවා.

“නැහැ…”

“මෝඩ වෙන්නෙපා ඕයි… ඒකට කෙල්ලෙක් ඉන්නවා...”

Pichcha Mal Hinaya by Madhushika Dilhani is a Sinhala book published by Nohandunanni Publications, listed under Fiction, Novels.

Book details

Titleපිච්ච මල් හීනය (Pichcha Mal Hinaya)
AuthorMadhushika Dilhani
LanguageSinhala
Pages256
CoverSoft Cover
ISBN9786245558124
PublisherNohandunanni Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZJ9FRA7H
GTIN / බාර්කේතය9786245558124
යැවීමේ බර322 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න