From the publisher
හෙට අප්රේල් පළවෙනිදාය. අවුරුදු මාසය හෙටින් පටන් ගනියි. නිවාඩු දෙන්න ළඟ නිසාම නොව, හෙට ඉස්කෝලේ යාමට මට ඇත්තේ පුදුම උවමනාවකි. එය විශේෂ දෙයක් වන්නේ ලෙහෙසියෙන් මට එහෙම නොසිතෙන නිසාය. ඒත් ඇත්තම කාරණය නම් මම පහුගිය ටිකේ ඉතාමත් උනන්දුවෙන් ඉස්කෝලේ ගිය බවය. ඊට හේතුව වන්නේ ලඟදී මා ඇතුළත් වුණු ඒ විශේෂ පන්තියයි. එය පාසල් ළමයෙකුට කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. ඒ බව මගේ කිරිඅම්මාට වැටහී තිබුණි. අම්මලා ඒ ගැන වැඩි කැමැත්තක් නොපෙන්නුවේ අපේ අලුත් පන්තිය ගැන අක්කා ගෙදර විත් කියා තිබූ දේවල් හේතුවෙන්ය. නමුත් කිරිඅම්මා කිව්වේ ඒක විශේෂ පන්තියක් නම්, මේ ලැබී ඇත්තේ ළමයෙකුට ලෙහෙසියෙන් නොලැබෙන අවස්ථාවක් බවය. ඒ අදහස මමද පිළිගනිමි.
Apoyiyawa by Mahinda Prasad Masimbula is a Sinhala book published by Santhawa Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | අපොයියාව (Apoyiyawa) |
| Author | Mahinda Prasad Masimbula |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245314089 |
| Publisher | Santhawa Prakashana |


