From the publisher
මමයි ශානුයි කතා කරකර ඉන්න තැනින් චලා පණ කඩාගෙන දිව්වා. මොකද බොලේ මේ .... මූගේ පස්සෙන් අංගුලිමාලවත් දුවන් එනවද...?මට තත්පර දෙක තුනක්වත් කල්පනා කරන්න හම්බවුනේ නෑ. ඌ ගිය පාරෙන්ම දමිතයත් දුවන් එනවා. එහෙනං මේක මණ්ඩලේ කචල් එකක්. සීන් එක මොකද්ද කියලා දැනගන්න මං දමිත්ව නතර කර ගත්තා.”බලපන් අනූ ... අරූ කරපු බලු වැඩේ....””මොකද්ද....?””ඌ ජජ් බෝඩ් එකට දීපු කොලේ මගේ නම වරද්දලා ලියලා...”මූ මගේ සරනේම් එක ඉංග්රීසියෙන් ලියලා තියෙන්නේ දෙකට කඩලා. ඒ සර් කොලේ බලලා ඒ විදියටම මගේ නම කෑ ගහලා කිව්වනේ..”දමිත්ගේ හරුපෙ මටනං තේරුණේ නෑ...”සර් මොකද්ද කිව්වේ...?”දමිත් මදන යකා කියලා....” එහෙම කියපු දමිතයා ආපහු චලාගෙ පස්සෙන් පන්නන්න ගත්තා.එතකොටයි මට මතක් උනේ උගේ වාසගම මදනායක කියලා...
Sitha Dangakarayi by Gayana S. Lakmali is a Sinhala book published by Gaya Kriyeshans, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | සිත දඟකාරයි (Sitha Dangakarayi) |
| Author | Gayana S. Lakmali |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550929023 |
| Publisher | Gaya Kriyeshans |


