From the publisher
"අපි රෑට ඔත්තු බලන්න ඕනැ නෑ. හවස පහට විතර ගිහින් ඔවුන්ව එක්කරගෙන එමු. මට හිතෙන හැටියට හොරු කට්ටිය ඔවුන්ගේ වැඩ කටයුතු ඒ වෙලාවට අහවර කරයි. හොරුන්ගෙ ප්රධානියා ඒ වෙලාවට පෙනෙන්න හිටියෙ නැත්නම් අපිට ඔහුව දකින්න ලැබෙන එකක්ම නෑ.. රෑ තිස්සෙ ඔත්තු බලන්න හේතුවක් නෑ. අපි ආයෙත් උදේම පටන් ගනිමු""ඒක හොදයි" චෙට් කීවේ ඔහුගේ ඇඳ මතට පනිමිනි."මම නාන්න යනවා" කී ෆ්රෑන්ක්, වර්න් සිටි කාමරයේ සිට කාමර අතර වූ දොරෙන් හාඩ් සොහොයුරන්ගේ කාමරයට ඇතුළු විය.ඔහුගේ ඇඳුම් බෑගය බිත්තිය අසල කුඩා බංකුවක් මත විය. නා ගැනීමට පෙර අලුත් ඇඳුම් ගැනීම සඳහා ඔහු එය විවෘත කළේය. ඒ සමඟම දුම් රොටු හා ගිනිදළු නංවමින් පිපිරුම් හඩක් නැගුණි !
Athurudan Wana Horu by Chinthana Prasad Ranawaka is a Sinhala book published by Sadeepa Publication, listed under Fiction, Thriller, Translations.
Book details
| Title | අතුරුදන් වන හොරු (Athurudan Wana Horu) |
| Author | Chinthana Prasad Ranawaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556619874 |
| Publisher | Sadeepa Publication |


