Lakpura
Lakpura® · Livros

Kala Bandhana

A partir de€8.03

From the publisher

අභිමන්ත්‍රාගේ කාමරය තුළ ඇය නොසිටි බැවින් මා වේගයෙන් තරප්පු පෙල බැස පහලට පැමිණෙන විටම මහා හඬක් නංවමින් අකුණක් පුපුරා ගිය අතර ඊටත් තත්පරයකට පමණ පසු මා හට ඇසුණේ සාරධා යටිගිරියෙන් නැගූ විලාප හඩකි.

ඒත් සමගම ඇය දෙසට දිව ගියේ සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවය. මා ඇය දෙසට කිට්ටු වූ විට දුටුවේ ඇය සුදුමැලි වූ මුහුණින් ගෙමිදුලේ කෙළවරක් දෙස බලා සිටින අයුරුය. නමුත් පැවති දැඩි අඳුර නිසාවෙන් එම ඉසව්වේ තිබූ කිසිවක් නොපෙනිණි.

“සාරා..” මා ඇය අමතන විට ඇය එක් අතකින් මාගේ අතින් අල්ලාගෙන අනෙක් අත දිගු කලේ ගෙමිදුලෙහි අදුරු කෙළවරක් දෙසටය. ඇය පෙන්වූ ඉසව්ව දෙස බැළුවද අදුර හා වර්ෂාව හේතුවෙන් මා හට කිසිවක් නොපෙනණි.

ඒත් සමගම නැවතත් උස් හඩින් අකුණක් පුපුරාගියේ පලාතම ඒකාලෝකමත් කරමිනි. එම ආලෝකයේ උදව්වෙන් මා හට ඇය පෙන්වූ ඉසව්ව පැහැදිලිව පෙනුණු අතර එවිට මා දුටු දසුන හේතුවෙන් මාද සාරධාගේ අත තද කොට අල්ලා ගත්තේ ඇය තවත් මා වෙත වාරු වන විටය.

මා දුටුවේ අභිමන්ත්‍රා වග මා හට හොඳින්ම විශ්වාසය. නමුත් අකුණෙහි ආලෝකයෙන් එක්වරම විශාල කළු පැහැති කොටියෙකුගේ ඡායාවක් ඇදී මැකී ගියේ යාන්තමින් පෙනෙණ නොපෙනෙණ මට්ටමට ය.

Kala Bandhana by Lakshini Dilrukshi is a Sinhala book published by Lakshi Publishers, listed under Novels.

Book details

Titleකාල බන්ධන (Kala Bandhana)
AuthorLakshini Dilrukshi
LanguageSinhala
Pages448
CoverSoft Cover
ISBN9786249487017
PublisherLakshi Publishers

Detalhes técnicos

Produto nºLKKXKTW98K
GTIN / código de barras9786249487017
Peso de envio533 g
Madubashini
Seu consultor de produtos

Madubashini Gerente

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Madubashini — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®