From the publisher
රෑට විශ්ව විද්යාලය කොතරම් අපූරුද? මේ අත් දැකීම විඳනැති විශ්ව විද්යාල ජීවිතයෙන් ද පලක් නැත. ඈත අදුරේ ගිලී නිදින, එහෙත් දිවා කාලයට පණ ලබන ගොඩනැගිලි මං මාවත්, ගහ කොළ, තෙල් බැම්ම, සිමෙන්ති බංකු ආදිය විදුලි පහන්වල මන්දාලෝකය වැටී සම්භාව්ය චිත්ර ශිල්පියෙකුගේ, දක්ෂ ජායාරූප ශිල්පියෙකුගේ රූප රචනයක් සේ පෙනේ. හොස්ටල් එකේ කාමරවල විදුලි පහන් එළි තවමත් දැල්වෙයි. බශා එක තිබෙන තැන සලකුණු කර ගන්නටවත් නොහැකි තරමේ ඝන අඳුරක එය ගිලී ඇත. ඊට ඈත පැවීලියන් එකටත් එහා ඉමේ නිවාස කරා දිවෙන මාර්ගයේ පහන් කණුවල විදුලි බුබුලුත්, එහා මෙහා දිවෙන වාහනවල විදුලි බුබුලුත් කනාමැදිරි එළි සේ දිස් වෙයි.කළු වලාවකින් වැසී එබෙන්නට තැත් දරන අඩපණ සඳ එළියට දිලෙන කොඩි වැල් අඳුරු වර්ණයේ එතී ඇත.
Niryanaya by Darshani Vijitha Kumari Jinadasa is a Sinhala book published by Didasa Publication, listed under Fiction, Novels.
Book details
| Title | නිර්යානය (Niryanaya) |
| Author | Darshani Vijitha Kumari Jinadasa |
| Language | Sinhala |
| Pages | 312 |
| Cover | Soft Cover |
| ISBN | 9789557920023 |
| Publisher | Didasa Publication |



