Lakpura
Lakpura® · 本

Tikiri Banda Saha Supiri Banda

から¥479

From the publisher

අංකය පටන් ගත්තේ බිංදුවකිනි. ඉලක්කම මුලට බිංදුවක් ආ විට එහි කිසිම වටිනාකමක් නැත. “හැට පන්දාස් හයසිය විසි අට...’’ එවිට අග පහේ ඉලක්කමක් ඉතිරි වේ. “හය ලක්ෂ පනස් හයදාස් දෙසිය...’’ “හෝව්...හෝව්...’’ තැපැල් නෝනා ටිකිරිගේ සාරථක උත්සාහයට බාධා කළාය. “නොම්බරයක් කියවන්නෙ එහෙම නෙවෙයි, ඉලක්කමෙන් ඉලක්කමට. බිංදුවයි හයයි පහයි...’’ “ බිංදුවයි හයයි පහයි හයයි දෙකයි අටයි පහයි...’’ එය නම් ඇල්වතුර බොනවා වගේ වැඩකි. තැපැල් නෝනා අංකය කරකවා දුරකථනයට මොනවාදෝ ඉංගිරිසියෙන් කියා එය ටිකිරි අතට දුන්නාය. “හලෝ...’’ ටිකිරි උස් හඬින් කිවේය. “හලෝ...’’ අමුතුම හීන් කටහඬක් සවන වැකිණි. “කැන් අයි ස්පීක් ටු සුපිරි බණ්ඩා?’’ මන්තරයක් මෙන් සිතෙහි ජප කළ වදන් ගිරා පෝතකයාගේ මුවින් එළියට ආවේය. “හූ...?’’ සිහින් හඬින් ඇසුණත් හූ හඬ, හූ හඬකි. ටිකිරිගේ මනස තැපැල් කාරයාලයෙන් මිදී මල්මීවැව මූකලානට ඉගිලුණේ විදුලි වේගයෙනි. හූ හඬ නගන්නේ ආපදාවකට ලක් වූවෙකි. එයට පිළිතුරු දෙන්නා දෙවරක් සිතන්නේ නැත. “හූ...!’’ ටිකිරිගේ හූ හඬින් තැපැල් කන්තෝරුව දෙදරුම් කෑවේය.

Tikiri Banda Saha Supiri Banda by Sudath Mannapperuma is a Sinhala book published by Muses Books, listed under Fiction, Fiction & Literature.

Book details

Titleටිකිරි බණ්ඩා සහ සුපිරි බණ්ඩා (Tikiri Banda Saha Supiri Banda)
AuthorSudath Mannapperuma
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553727534
PublisherMuses Books

技術仕様

商品番号LK7HZJ887R
GTIN / バーコード9789553727534
配送重量250 g
ISBN978-955-3727-53-4
LanguageSinhala
PublisherMuses Books
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問