Lakpura
Lakpura® · 本

Frenkanstayin

から¥630

From the publisher

ස්වීස් ජාතික භෞතික විද්‍යාඥයකු වූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්

මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාත්මක පර්යේෂණයන්හි

යෙදෙන්නේ, මිනිස්සිරුරු කොටස් එකතු කර කෘතිම මිනිසෙකු

නිර්මාණය කරයි. එහෙත් අසාමාන්‍ය දැවැන්ත සිරුරකින් හෙබි

කෘතිම මිනිසා ජීවය ලබන්නේ ඉතාම විකෘති,විකාර,විරූපි, බියකරු,

පිළිකුල් සහගත භූතයකු ලෙසය. ෆ්‍රැන්කන්ස්ටයින් මේ බියකරු මිනිස්

රකුසාගෙන් පලා යයි.

සිය විරූපි විකෘති බියකරු රූපයට බියෙන් සිය මැවුම්කරු විසින් සහ

මිනිස් සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන භූතයා සිය මැවුමකරුගෙන්

පලිගැනීමට ගන්නා එක් එක් පියවර නිසා ෆ්‍රැන්කන්ස්ටයින් අන්ත දුක්ඛිත

අසරණ කාලකණ්ණි බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන හැටි විස්තරකෙරෙන

මෙම ත්‍රාසජනක විචිත්‍රාද්භූත විද්‍යා ප්‍රබන්ධ කතාව, විද්‍යාව තුළින් මනුෂ්‍යත්වයේ

ස්වභාවික සීමාවක් ඉක්මවා යෑමට තැත් කිරීමේදී ඇති විය හැකි අනිටු විපාක

ලොමු ඩැහැගන්වන අයුරින් ගෙන හැර දක්වයි. 

 මිහිරි සුන්දර පවුල් ජීවිතයක අගයත්, සමාජ සාධාරණත්වයක්,

මානව දයාවත්, සමකාලීනවිද්‍යා හා සමාජ දර්ශනයත් මිනිස් හැඟීම්

පිළිබඳ විස්තීර්ණ විග්‍රහයන්, සම්භාව්‍ය සාහිත්‍යමය ආභාෂයත්, මිනිස්

ස්වභාවය පිළිබඳ මූලික සිද්ධාන්තයන්ගේ හරයත් සංකලනය කර 1818 දී ⁣

මේරී ෂෙලී විසින් ලියන ලද ” ෆ්‍රැන්කන්ස්ටයින් ” විශ්ව සදාචාරයේ අගය

දක්වමින් ඓශ්චර්යමත් පසුබිම් මත ගොඩ නංවන ලද කාල්පනික විචක්ෂණ

භාවයේ ප්‍රතිරූපයක් ලෙසද, සම්භාව්‍ය විශ්ව සාහිත්‍ය ආරම්භයේ ශ්‍රේෂ්ඨ

ශෝකාන්ත කාව්‍යයක් ලෙසද අමරණීය ස්ථානයක් දිනා ඇත. 

 

Frenkanstayin by චන්ද්‍ර අනගිරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleෆ්‍රැන්කන්ස්ටයින් (Frenkanstayin)
Authorචන්ද්‍ර අනගිරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862485
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

技術仕様

商品番号LKMBGV9AY4
GTIN / バーコード9789556862485
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問