From the publisher
"පිංචි,නන්දනී උපදිනව දැකල තියෙනවලු. එක පාරටම බිමට වැටුණලු." නන්දනී යනු ඔවුන්ගේ මාමාගේ දියණියයි. බාල සොයුරියෝ සිය කටවල් වසා ගත්හ. ඔවුන් වට පිට බැලුවේ තවත් කිසිවෙකුට ඒ බැවු ඇසුණේ දැයි දැන ගැනීමටය.
එතැනට ආ වැඩිමල් සෝයුරියක් කට වර්ද්දා ගත් එකියගේ කටට ගැසුවාය.
"මේකිගේ පැහිච්ච කතා. පිංචි මුන් නරක් කරලා"
පහර කෑ සෝයුරිය හඬන්නට තරම් අහිංසක කතාවක් අද කියා නැත.
එ කෙණෙහි සිය ප්රේම කාන්තාව දැක අත දිගු කළා වු කාම පුරුෂයෙකුගේ සේ අම්මා සිය සැමියා සිහිනෙන් මෙන් දුටුවාය. එකෙණෙහි කර්මජවාත චලනය විය.
ඇල්ලඋඩ යයි හඳුන්වන ලද ඉදිරිපස මිදුල කෙළවරට වී සිටි දරු පිරිසට ළදරුවාණ කෙනෙකුගේ කෑ ගැසීමක් ඇසිණ. සියල්ලෝම එක් වර විමතියට පත් වුහ.
Sathwila Maha Subhadawo by සේන තෝරදෙනිය is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Novels.
Book details
| Title | සත්විල මහා සුභදාවෝ (Sathwila Maha Subhadawo) |
| Author | සේන තෝරදෙනිය |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556862959 |
| Publisher | දයාවංශ ජයකොඩි ප්රකාශන |


