Lakpura
Lakpura® · Libri

Prabhathaya

Da€7.15

From the publisher

අනෝරාව පටන් ගත්තේ මහ රැයේය. ගල්කැට වාගේ පොල් අතු වහලයට වැටෙන වැහිබිඳු වල හඬට ගෙයි ඇතුල් කාමරයේ නිදාඋන් ගැහැනිය නැගිට්ටාය. “මේකනම් මුරුගසං වරුසාවක්...’’ ගේ ඇතුලේ දෙතුන්පලකින්ම වහලය හිල්වී වතුර වෑස්සේ. දුම්මැස්ස අතඟා වලං මුට්ටි දෙකතුනක් සොයාගත් ඈ තෙමෙන තැන් බලා තැබුවාය. “දඩබඩාස්...’’ ඒ මහ සද්දය ආවේ ගෙයි දකුණු පැත්තෙනි. “මහ කිතුල...’’ ගැහැනිය ගල් ගැහින. “දෙයියන්ටම පෙනීයන්...’’ කුප්පි ලාම්පුව අතින්ගෙන පිළිකන්නට බට ගැහැනිය දුටුදෙයින් විපිළිසර වුවාය. අවුරුදු ගාණක් වයස මහ කිතුල ගෙයි පිට කාමරය බිමට සමතලා කර දමමින් ඇදවැටී තිබේ. කාරණය එය නොවේ. පස් ගොඩැල්ලක් බවට පත්ව තිබූ පිට කාමරයේ නටබුන් අතරේ ළා නිල් පැහැ ආලෝකයක් විහිදෙමින් තිබිණ. “හපොයි...’’ ඇයගේ හිතට සැණින් කාලාන්තරයක් තිස්සේ තමන්ගේ පරම්පරාව ගැන අසා තිබූ, මානාකන්දේ අතීතය හා සම්බන්ධ කතන්දර මාලාව සිහියට නැගිණ. “එහෙනම් ඒ කතා බොරු නෙමේ...’’ අනෝරාව මැද නොසෙල්වී, ළා නිල් පාට ආලෝකය විහිදුවන අද්භූත වස්තුව දෙස බලා, ගැහැනිය භීතියෙන් සිතුවාය.

Prabhathaya by Monika Pushpakumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction, Fiction & Literature.

Book details

Titleප්‍රභාතය (Prabhathaya)
AuthorMonika Pushpakumari
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246103033
PublisherWarna Graphic & Publishers

Dettagli tecnici

Prodotto №LKAAGZMAHS
GTIN / codice a barre9786246103033
Peso di spedizione250 g
Randika
Il tuo consulente prodotti

Randika Responsabile

Hai domande su questo prodotto, sulle taglie o sulla spedizione nel tuo paese? Contatta direttamente Randika — di solito risponde entro poche ore durante l'orario lavorativo dello Sri Lanka.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®