From the publisher
නි රන්ජන් නේද...."
රේණුක මගේ කණට කොඳුරනවා මට ඇහුනා.
..*සද්දෙ වහලා යමං යකෝ, ඉල්ලගෙන කන්න ඕන නෑනේ,
ඌ බලන් ඉන්නෙත් අපි දිහා තමයි..'
අපි තුන්දෙනා බිංගේ ළඟට ළං වෙනකොට උඩ පාරේ ඉඳලා නිරංජන් පල්ලෙහා රේල් පාරට බැහැල ඇවිත් තිබුණා. කෙමිස්ට්ර ක්ලාස් එකේ කෙල්ලො කොල්ලො බර ගානක් මේ කිසිම දෙයක් දන්නෙ නැතුව අපිට ගොඩ් එකට වගේ අපේ ඉස්සරහින් ඇව්දන් ගියා. පපුව හෙමින් සැරේ ගැහෙද්දී අපි තුන්දෙනා නිරන්ජන්ව පහු කරන් යද්දි, මං උගේ මුඩු මුහුණ දිහා ශේප් එ ෙ බැලුවා. කාමයෙන් මත්වෙලා වගේ තිබ්බ
ඒ ඇස් වල ඉලක්කය කොහෙද කියලා මම දැනන් හිටියා.
මට මූව මෙතනම මරලා දාන්න පුළුවන්නම්...?
පුලස්ති ... මෙතන නතර වෙන්න හදන්නෙපා. උඹට මොළේ කියලා කළදක්වත් තියෙනවා නම් මෙහෙමම ස්ටෑන්ඩ් එකට යමං..-
ඌ හදන්නෙ අපි හැමෝම ටාගට් කරගන්න.."
මගේ හිතේ තිබ්බ දේ ඉවෙන් වගේ තේඵලද කොහෙද නජිත් කිව්වා. ඒත් නිල්මාලිට මොනවා වෙයිද කියලා දන්නෙ නැතුව තව එක අඩියක්වත් ඉස්සරහට තියන්න මට හිත දුන්නෙ නෑ.
Nil Samanaliye by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Prakashana, listed under Novels, Romantic.
Book details
| Title | නිල් සමනලියේ (Nil Samanaliye) |
| Author | Yawwana Sameendra Rathnayake |
| Language | Sinhala |
| Pages | 216 |
| Cover | Soft Cover |
| ISBN | 978-9559876201 |
| Publisher | Tashen Prakashana |



