Lakpura
Lakpura® · Libri

Isiwara Deth

Da€3.74

From the publisher

“අවුරුද්දක් හමාරක් ..ඔය දරුවට මම කියන විදිහට පිළිවෙත් කරන්න පුළුවන් නම්..දරුවට සුවපත් වීමේ භාග්‍යය තියෙනවා..නගරයේ ජිවත් වෙච්ච..සැප සම්පත් මැද්දේ..සුකුමාර මහේශාක්‍ය ජිවිතයක් ගත කරපු ඔය දරුවට මේ දුෂ්කර ක්‍රියාව කරන්න පුළුවන් වෙයිද..? ගඟුල් දොහොත් මුදුන් තබා සරණංකර හිමියන්ට නමස්කාර කළේය. “ ඔබ වහන්සේ කියන ඕනෑම දෙයක්..මම කරන්නම් අපේ හාමුදුරුවනේ..” සරණංකර හිමියෝ යළිත් මෘදූ සිනාවක් පහල කළෝය. “ජිවිතහරණයට වඩා මේ දුෂ්කර ක්‍රියාව පහසුවක් තමයි දරුවෝ..” උන් වහන්සේගේ හදවත තුළ කිසිදු බරක් තිබුණේ නැත. සංසාර ගමන තුළ ඔසවාගෙන යන්නට සුවිශේෂී ඔලගුවක් නොවූ උන්වහන්සේට සියලු කාරණා අල්පමාත්‍ර වූ සැහැල්ලු කාරණා ම වූයේය. “අනික ඉතින් ..මේ අපේ මල්ලිගේ ගෙදර ගත කරන ජීවිතෙත්..ඔය දරුවට තවත් සැහැල්ලුවක් වෙයි.. කොයි වෙලාවෙත් හිනා වේවී..සිංදුවක් කාරිය මුමුණ මුමුණා..කිරිල්ලියක් වගේ සැහැල්ලුවෙන් ඉන්න ගෑනු දරුවෙකුත් ගෙදර සැරිසරනකොට..ඔය දරුවට පාළුවක් දැනෙන එකකුත් නෑ..” නොසිතු මොහොතක සරණංකර හිමියන්ගේ’ මුවින් ගිලිහුණු විවරණය අදහාගත නොහැකිව, පිය පුතු දෙදෙනා උනුන් මුහුණු බලා ගත්හ. කිසිදු වගක් නොවූ ලෙස සරණකර හිමියෝ ගඟුල්ගේ උපන් වෙලාව ලියාගත් පත් ඉරුවෙහි මදහස ඇඳි මුහුණ රඳවා ගෙන උන්හ.

Isiwara Deth by Dilhani Wickramarathna is a Sinhala book published by Shaakya Publications, listed under Fiction & Literature.

Book details

Titleඉසිවර දෑත් (Isiwara Deth)
AuthorDilhani Wickramarathna
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550207510
PublisherShaakya Publications

Dettagli tecnici

GTIN / codice a barre9789550207510
Peso di spedizione250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®