Lakpura
Lakpura® · Libri

Balsak Kefe

Da€5.37

From the publisher

මංජුල වෙඩිවර්ධන පත්තරකාරයෙකි. ඒ සමගම කවියෙකි. කෙටිකතාකාරයෙකි. නවකතාකාරයෙකි. තිර රචකයෙකි.

මේ සියලු ඉසව්වල වෙඩිවර්ධන නම හා ඈඳී තිබෙන භාෂා විස්මයක් තිබේ. පත්තරයක කොලමකට ඒ භාෂා විස්මය මහත් ආභරණයකි. එහෙත්, කොලමකට එපමණක් නොසෑහෙයි.

එහි ලියැවෙන්නේ කුමක්ද?

බොහෝ කොලම්කාරයන් අසමත් වන එතැනදී මංජුල සමත් වන්නේ, කොලමකින්ද කියන්නට දෙයක් ඔහුට ඇති හෙයිනි.

ඒ, දශක ගණනාවක් තිස්සේ ඔහු පුරුදු පුහුණු කළ අත්‍යන්ත මානව ගරුත්වයයි. සැතපුම් දහස් ගණනක් එහා සිටියත්, දශක ගණනාවකින් මුහුණට මුහුණ හමු නොවුණත්, එදා මෙන්ම අදත් මංජුල - අප වැනි වූ අතළොස්සක් දෙනා බැඳී සිටින අවබෝධාත්මක හුය නම් ඒ මානව ගරුත්වයයි.

එදා මෙන්ම අදත් ලංකාව, මානව ගරුත්වය ගැන දන්නේ නැත. ඉගෙන ගත්තේද නැත.

විප්‍රවාසීව සිටින මංජුලට ''අනිද්දා‍'' වෙත කොලමක් ලියන්නැයි අප කියන්නේ ඒ නිසාය.

ඒ බල්සාක් කැෆේය.

කේ. ඩබ්ලිව්. ජනරංජන - ප්‍රධාන සංස්කාරක, අනිද්දා පුවත්පත.

Balsak Kefe by Manjula Wediwardhana is a Sinhala book published by Vidarshana Publishers, listed under Books, Literature, New Release.

Book details

Titleබල්සාක් කැෆේ (Balsak Kefe)
AuthorManjula Wediwardhana
LanguageSinhala
Pages237
CoverSoft Cover
ISBN9786246625122
PublisherVidarshana Publishers

Dettagli tecnici

GTIN / codice a barre9786246625122
Peso di spedizione301 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Potrebbe interessarti anche

Chiedi a un agente Lakpura®