Lakpura
Lakpura® · Raamatud

Sithayanaya

Alates€5.85

From the publisher

එය මා ලංකාවේ මුහුදු වෙරළේ ඇවිදිනු ලැබූ මුල්ම වතාවයි. මේ දිවයින යුද්ධයට පෙර මොන තරම් සුන්දරව තිබෙන්නට ඇද්දැයි මට සිතුණි. පිවිතුරු සයුරත් දිදුලන පුරවරයත් ගෑවී ගෑවී සිටින්නේ පෙමි යුවලක් ලෙසිනි. සයුරේ රළ, බලකොටුවේ දීප්තිමත් බිත්ති සිප ගනී. බිත්ති ඒවායේ මනස්කාන්ත වක්‍ර හැඩය ජලයට ද ලබා දී තිබේ.

එහෙත් අද ඒවායේ දීප්තියක් නැත. ලේ වැකුණු වැල්ල පරිහානියේ වර්ණය වූ අඳුරු රතු පාටය. දැන් හවස් වරුව වුණත් අහස සහ මුහුද දෙකම අළු පැහැ ගෙන ඇත. සමූහ මිනී පිලිස්සීම් ගෙනෙන දුම් රැලි සහ දුගඳින් බර වූ වාතය නිසා මගේ උගුරට පිත ගලා ආවේය. එය බලෙන් ඇතුළට යවා ගත් මම රාවන්ගේ හිස තම ඇකයේ තබාගෙන හිඳ සිටින මන්දෝදරි ළඟට ගියෙමි. ඇය ඔහු වෙත නැමීගෙන ලේ ගලන තුවාල සහිත ඔහුගේ බිඳී ගිය සිරුර මුදු ලෙසින් අත ගායි. තමා එයට සූදානම් වීමට පෙරම ඒ මහා ශුන්‍යය වෙත පාවී යාම වළකා ගැනීමට ඔහු ඇගේ අනෙක් අතේ එල්ලී සිටී. ඔවුන් එසේ සිටින විට මට තේරුම් ගියේ රාවන්ට ගිණිය නොහැකි තරම් මෙහෙසියන් හා අනියම් බිරියන් සිටියත්, තම විනාශය එන තෙක්ම මා කෙරේ ආශාවෙන් බැඳී සිටියත්, ඔහුගේ සැබෑ ආදරය හිමිව තිබී ඇත්තේ ඔහුගේ තාරුණ්‍යයේ සහකාරීය වූ මන්දෝදරීට පමණක් බවය.

Sithayanaya by Hemantha Ranaweera is a Sinhala book published by Ashirwada Publishers.

Book details

Titleසීතායණය (Sithayanaya)
AuthorHemantha Ranaweera
LanguageSinhala
Pages400
CoverSoft Cover
ISBN9786246585792
PublisherAshirwada Publishers

Tehnilised andmed

GTIN / vöötkood9786246585792
Saatmiskaal480 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt