Lakpura
Lakpura® · Raamatud

Jiwithe Chithrayak Mis

Alates€3.42

From the publisher

මිනිස් චිත්ත සන්තානයේ හටගන්නා හැඟීමක් ප්‍රස්තුථ කොට ගෙන, එය තම සිත තුළටම ප්‍රත්‍යක්ෂ කරගන්නා නිර්මාණකරුවා, එය තම ජීවිත අත්දැකීම් හා මුසු කරමින් සංජානනය කරයි. එසේ සංජානනය කරන පරිකල්පනීය සංකල්ප නිර්මාණකරුවාගේ මාධ්‍යය හා පොරබදිමින්, ඒ දෙස බලා සිටින්නා නතු කර ගනී. නිර්මාණකරුවාගේ මාධ්‍යය ‛කවිය’ක් වූ විට, පාඨක සිත් සතන් ඊට පොළඹවා ගන්නේ යථාර්ථයත්, මායාවත් අතර ඇති කරන්නා වූ චිත්තවේග හා බද්ධ, වචන කිහිපයක පෙළහර පෑම හේතුකොට ගෙන ‌ය. දශකයකට එහා දිනෙක මා සිතගත් නිර්මාණ ගණනාවක අයිතිකාරියක් දුටුවේ සමාජ මාධ්‍යයක් තුළ අහම්බෙනි.

ඇගේ මාධ්‍යය කවිය විය. ඇය දිනිති දීපිකා ය. සමාජ සංස්කෘතියේ සිදුවන, එහෙත් කිසිවෙකුත් කෙඳිරිල්ලක් හෝ නොගාන දුක්ඛදායක සංසිද්ධීන් නින්තරයෙන් ඇගේ ප්‍රස්තුථයන් වූවාය. මානවයින් හා සත්ත්වයින්ගේ සිට අජීවී වස්තූන් දක්වා මුහුණ දෙන ශෝකබරීතයන්, සජීවී බස් වහරකින් ගෙනහැර පාන්නට ඇගේ කවි සමත්වේ. 'ජීවිතේ චිත්‍රයක් මිස්’ තුළ ඒ හැම අජීවී සජීවී චරිතයකම දුක් ගැනවිලි, පාඨක අධිකරණයට යොමු කර තිබේ. තීන්දුව දෙන්නට ඉඩහසර මෙසේ ලබා දෙමි.

Jiwithe Chithrayak Mis by Dinithi Deepika is a Sinhala book published by Sanketh Publishers, listed under Poetry.

Book details

Titleජීවිතේ චිත්‍රයක් මිස් (Jiwithe Chithrayak Mis)
AuthorDinithi Deepika
LanguageSinhala
Pages80
CoverSoft Cover
ISBN9786249762206
PublisherSanketh Publishers

Tehnilised andmed

GTIN / vöötkood9786249762206
Saatmiskaal128 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Sulle võib ka meeldida

Küsi Lakpura® agendilt