Lakpura
Lakpura® · Bücher

Bhawa Dwara

Ab€9.26

From the publisher

සිදුවී ඇත්තේ කුමක්දැයි කියා මා හට අවබෝධයක් නොවුණි. මන්ද මට දැනුණේ මා හිස් අවකාශයක් තුළ අතරමංව හිඳ එක් වරම සැබෑ ලොවට පැමිණියාක් බඳු හැඟීමකි.

" ඔන්න ඔය දරුවව හාන්සි පුටුවෙන් දාන්ඩ. " චේතිය දෙස බලමින් එසේ පැවසූ බණ්ඩාර හාමු මා වෙතට පැමිණ අත දිගු කලේ මා හට නැගී සිටීමට උදව් කරමිනි.

සිදු වූයේ කුමක්දැයි කියා දැන ගැනීමට අවශ්‍යය. නමුත් මා එය කෙසේ විමසිය යුතු දැයි මා හට සිතා ගැනීමට නොහැක.

පිරිසගේ සහය ඇතුව හාන්සි වූ චේතිය වෙතට ගිය බණ්ඩාර හාමු ඔහුව පරීක්ෂා කරන අයුරු පෙනිණි.

" වලව්ව ඇතුළට අරන් යං..." එසේ පවසමින් බණ්ඩාර හාමු නැවත මා වෙතට පැමිණෙන විට තරුණයින් දෙදෙනකු එක්ව චේතිය වලව්ව තුළට රැගෙන යනු පෙනිණි.

" ඉස්කෝලෙ මහත්තයා දැන් ගිහින් නාගෙන කරගෙන ඉස්කෝලෙට යන්ඩ. හවසට අපි ටිකක් කතා කරමු." එසේ පවසා බණ්ඩාර හාමු වලව්ව දෙසට යන විට මට පෙනුණේ සෙසු සියලු දෙනා පුදුමය පිරි බැල්මකින් මා දෙස බලා සිටින වගය.

එක් වරම මා ඉදිරියට පැමිණි මදාරා මගේ දෑස් දෙස විනාඩියක් පමණ සැකය හා කුතුහලය පිරි මුහුණින් බලා හිඳ වලව්ව දෙසට ගියේ සිදු වන්නේ කුමක්දැයි කියා මා බලා හිඳින විටය.

Bhawa Dwara by Lakshini Dilrukshi is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.

Book details

Titleභව ද්වාර (Bhawa Dwara)
AuthorLakshini Dilrukshi
LanguageSinhala
Pages484
CoverSoft Cover
ISBN9786249487024
PublisherAuthor Publication

Technische Details

GTIN / Barcode9786249487024
Versandgewicht572 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen