From the publisher
"මං කසාද බැඳපු කෙනෙක් සර්. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් "
" ඒක මට කොහෙත්ම ප්රශ්නයක් නෙ වෙයි."
" අනේ ප්ලීස් සර්. දැන් අවුරුදු නිවාඩුවට මෝක්ෂ අයියා එනවා. ඔයා මොන පිස්සුවක් නටයිද කියල මට හිනේ ගින්දරින් ඉන්න වෙන්නේ."
ගීත්ම දෙව්දුනී එකිනෙක තෙරපමින් උන් අනැඟිලි සිය දෝනින්ම අල්වා ගත්තේය.
" දෙව්... දෙව්... මං කිව්වනේ ඔයාට ඔයාගේ ෆැමිලි ලයිෆ් එකට මං කිසිම ප්රශ්නයක් ඇති කරන්නේ නෑකියලා, ඔයාට බයවෙන්න කිසිම හේතුවක් නෑ "
දෙව්දුනි බියපන් දෑසින් ගීන්ම දෙස බලා සිටියේ ඔහු පවසන්න වටහාගත නොහැකිවය.
ඈ අනැගිලි තවත් සිය අනැගිලි වලින් තෙරපමින් ගිත්ම ඇවෙත නැඹුරු වූයේ ඇයට හුස්මක් වැටෙන දුරකිනි.
තමාට බිය වී වෙවුලන ඇගේ රත් පැහැ දෙතොල් මත ඔහුගේ දෑස නතරව තිබුණි.
" මට ගියාගෙන් එහා ලෝකයක් පේන්නෙනෑ දෙව් . ඔයා නැතුව මගේ ජීවිතේ පාළු අම්බලමක් වගේ. මට ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැමැ හන්ගෙන් ඉල්ලන්නේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් විතරයි."
තමා තෙරපමින් උන් දෙවිඳුනි ගේ අතැඟිලි ඉහළට ගත් ගින්ම ඇගේ දැස දෙස බලාගෙනම ඒ අතගිලි මත හොද සටහන් කරන්නට වූවේය. දෙව්දුනි තුෂ්නිම්භූතව ඒ දෙස මඳක් බලා සිට විනා අතැකිලි ඉවයට ඇද ගින්නට වෙර දැරුවය.
Dhrewa Tharakawi by Ruwani Liyangolla is a Sinhala book published by SANKHA PUBLISHERS, listed under Fiction & Literature, Novels.
Book details
| Title | ධ්රැව තාරකාවී (Dhrewa Tharakawi) |
| Author | Ruwani Liyangolla |
| Language | Sinhala |
| Pages | 328 |
| Cover | Soft Cover |
| ISBN | 9786245626557 |
| Publisher | SANKHA PUBLISHERS |


