From the publisher
සියල්ලට වරදකරු තමා මිස සමාධි නොවේ. ඒ කොතැනක වත් අබමල් රේණුවක තරමින් හෝ සමාධිගේ වරදක් නැත. පළමුව ඈ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියාය. බොහෝ ඉවසීමෙන් බලා සිටියාය. ඇගේ සිත එහෙම පිටින්ම බිඳී විසිරී ගියේ පියා මිය ගිය දිනයේ විය යුතුය. එතැන් සිට ඈ තමාව අත්හැරියේ නිහඬවමය. ඒ අත්හැරීම තමා සිතුවාට වඩා බොහෝ දැඩි තීරණයකි. නැවත ආපසු හැරීමක් හෝ සමාව දීමක් සමාධිගෙන් බලාපොරොත්තු නොවිය යුතු බව ශමෙල් තේරුම් ගත්තේය. දැනටමත් ඈ තම අත පොවන මානයෙන් ඉහළට ගොස් අවසානය. දැහැත් ඒ බව තම ඇස් පනාපිටම ඔප්පු කර පෙන්වා ඇත.
Sansun Dehen by Nimalka Perera is a Sinhala book published by Warna Graphic & Publications, listed under Novels, Romantic.
Book details
| Title | සන්සුන් දැහැන් (Sansun Dehen) |
| Author | Nimalka Perera |
| Language | Sinhala |
| Pages | 280 |
| Cover | Soft Cover |
| ISBN | 9786246103316 |
| Publisher | Warna Graphic & Publications |



