From the publisher
"අහස පොළොව ගැටල ගැටල කල්පනා කරන්නෙ මොකක්ද" කුෂී විදුලි වේගයෙන් තුෂේන් දෙස බැලුවේ ඒ හඩට. ඇය තවත් රතු වුණා.
"මොකෝ..... බයවෙලා...." හේතුව දැන දැනම ඔහු ඇසුවේ ඒ රතු වී ඇති වත තවත් රතු කරන්නට ඇතිවූ ආසාවෙනි.
"ම්... මගේ ඇඳුම..... ඒක කොහොමද ගැලවුනේ...." ඇය ගොත ගසමින් ඇසුවේ
ඒ දෑස් මගහරිමිනි
"හරි වැඩේ තමා. මොකෙක් හරි ඊයේ රෑ කාමරේට ඇවිත් ගවුම ගලවලා තියෙනවා. "
ඔහු ඇයව විහිළුවට ගන්නේය.
"අනේ බය කරන්න එපා"
මම නම් දන්නේ නෑ කවුරු ගැලෙව්වද කියලා නම්. මම මැඩම්ව ඊයේ රෑ ඇඳෙන් තිබ්බෙ ගවුම පිටින්මයි
ඔයාම වෙන්නැති රෑ නින්දෙන් ගලවන්න ඇත්තේ. "
"මම ගැලෙව්වේ නෑනේ...." ඇයගේ මුවින් ඒ වදන් පෙළ පිට වූයේ නම් සිහින් හඬිනි.
"හරි එතකොට ඔයා කියන්නේ ඔය ගවුම මම ගැලෙව්වා කියලද" තුෂේන් ඇඳෙන් නැගිට්ටේ සිනහව සඟවාගෙන ය.
,හැබැයි ඉතිං මම ගැලෙව්වා නම් ඒක විතරක් ගලවලා නිකා ඉන්නේ නෑ ....... ඉතුරු ටිකත් ගලවනවා........." රතු වූ ඇය තව තවත් රතු වෙද්දී , ඒ කෝල හැඟීම ඇයට නිදහසේ විඳින්නට ඉඩදී තුෂේන් නාන කාමරයට වැදුණේය.
Adare E Wage by Madhushika Dilhani is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels, Romance.
Book details
| Title | ආදරේ ඒ වගේ (Adare E Wage) |
| Author | Madhushika Dilhani |
| Language | Sinhala |
| Pages | 280 |
| Cover | Soft Cover |
| ISBN | 9786249971004 |
| Publisher | Author Publication |



