From the publisher
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.
Parisiya by Asanka Ranathunga is a Sinhala book published by Bookrack Publishers, listed under Fiction, Novels.
Book details
| Title | පරිසියා (Parisiya) |
| Author | Asanka Ranathunga |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553490087 |
| Publisher | Bookrack Publishers |



