Lakpura
Lakpura® · Books

Sima Mayim

From$4.98

From the publisher

එය ප්‍රේම සම්බන්ධයක් විය හැක. නමුඳු ඔහු හෝ ඇය ඒ තුල යම් සීමාවක මායිමක් අඳින්නේද ඔහු රැඳී සිටිය යුත්තේ එම සීමාවට එපිටිනි. ඔහු එම සීමාව අතික්‍රමණය කරන්නේද, එය තවදුරටත් ප්‍රේමය හෝ කැමැත්ත නොවන්නේය. එය නම් කරනුයේ බලහත්කාරකමක් ලෙසිනි.

සමුද්‍රගේ දෑතේ නිය පොතු මාගේ ගෙල හා උරහිස් උඩ තැනින් තැන නැවතෙන්නේ උල් කටු බඳුවය. ඔහු උත්සාහ කරන්නේ මාගේ දෙතොල් සිප ගැනීමටය. මාගේ මතකයට පැමිණියේ මනුරද සඳරැස් මිහිඳුකුලසූරිය නම් ඔහුවය. දින කිහිපයකට පෙර ඔහු මා වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් හරි ප්‍රවේශමට වෙළුම්පටි යොදා ආවරණය කළ වම් අත්ලේ තුවාලය දැන් පෑරී රුධිරය අලුත් වී ඇත්තේ සමුද්‍රගේ හපන්කමක් ලෙසිනි. මේ මොහොතේ ඔවුන් සැසඳීම පවා වරදකි.

සමුද්‍ර!

හැකි උපරිම වීර්යය යොදවා මාගේ සිරුර බලහත්කාරයෙන් ස්පර්ශ කරනා සමුද්‍රව ඉවතට තල්ලු කළ මා ඔහුගේ කොපුලක් වෙතට අත්ලෙන් පහරක් එල්ල කළේ තැතිගැන්ම අතරට නොරිස්සුමක් ඈදා ගනිමින්ය.

SEEMA MAYIM

Sima Mayim by Parami Henadheera is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleසීමා මායිම් (Sima Mayim)
AuthorParami Henadheera
LanguageSinhala
Pages224
CoverSoft Cover
ISBN9786245999682
PublisherNisa bookland Pvt Ltd

Technical details

GTIN / barcode9786245999682
Shipping weight286 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent