From the publisher
බොහෝ කාලයක් ගත විය. මට වාසනාවන්ත කාලයක් උදා වූයේ යයි කවුරුත් කීහ. කාලය වෙනස් විය. පරිසරය වෙනස් විය. එහෙත්, මා වෙනස්වීම් වලට " මූණ පෑවා " යි මට කිව නො නැකි ය. සිත් පිත් නැත්තකු මෙන් මා ඒවාට නිකම ගොදුරු වූවා පමණි. හැඬුමින් හෝ සිනාවෙන් හෝ තොර ව මම අලුත් පරිසරයක් හා එක් වීමි.
සරසවිය මා ඈ වෙත කැඳවාගෙන ආවා ය. මට තවත් හොඳ වාසනාවන්ත කාලයක් උදා වූයේ යයි කවුරුත් කී හ. එහෙත්, මට ඒ කිසිවක් වින්දනය නොවේ. හිත් පිත් නැති යන්ත්‍රයක් මෙන් මම සරසවිය හා ජිවත් වෙමි. ඒ බවවත් මම මෙතෙක් තේරුම් නො ගත්තෙමි.
සරසවි උයනේ රෝසියා මල් පිපෙන වාරය පැමිණියේය. මා ජීවත් වන්නේ කෙසේ දැයි මට අවබෝධ විය.
මට පුංචි මලී නිතර නිතර මතක් වෙයි. රෝසියා මල් සති දෙසකින් මැලව් ගියේ ය. සරසවි උයනේ තවත් මල් තිබේ.
Sagara Jalaya Mandi Henduwa Obasanda by :Saiman Nawagaththegama is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction, Fiction & Literature, Short Stories.
Book details
| Title | සාගර ජලය මඳි හැඬුවා ඔබසන්දා (Sagara Jalaya Mandi Henduwa Obasanda) |
| Author | :Saiman Nawagaththegama |
| Language | Sinhala |
| Pages | 371 |
| Cover | Soft Cover |
| ISBN | 9789556770407 |
| Publisher | Fast Publishing (Pvt) Ltd |


