Lakpura
Lakpura® · Books

Ma Kala Gaweshana

From$3.00

From the publisher

ආචාර්ය කොවූර් ස්වකීය ගවේෂණ රැසක් එක් කොට ලියු ග්‍රන්ථයක සිංහල පරිවර්තනයක් ‘ මා කළ ගවේෂණ ‘ නමින් බිහිවන මෙමඅවස්ථාවෙි මතකයට නැංවෙන කරැණු කීපයකි.කොවූර්ගේ මූලිකත්වයෙන් ගොඩනැංවුනු ලංකා හේතුවාදි සංගමය’හේතුවාදි සංදේශය ‘ නමැති සඟරාව සිංහලෙන් පළ කළ අවධියේ ඒ වෙත පළ වූයේ නොමද පාඨක අවධානයකි. කොවුර්ගේ කෘතියකපරිවර්තනයක් ‘ දෙවියෝ සහ භුතයෝ ‘ නමින් සිංහලෙන් පළ වූයේ තවත් කලක් ගතවු පසුවය. එය කොවුර් ප්‍රකට කළ හේතුවාදි චිනත්නයලිඛිත මාධ්‍යයක් ඔස්සේ ග්‍රහණය කරගැනිමට සිංහල කියවන ඡනතාවදැක්වු කුහුල හා කැමැත්ත මතු වී පෙනුන අවස්ථාවක් විය.

කොවූර්ගේ තවත් ග්‍රන්ථ සිංහලෙන් පළ වී ඇත්ද, එම විෂයය ගැනලියැවුනු අනෙකුත් පොත් මොනවාදැයි පාඨකයන් විමසන්නට පටන්ගත්තේ එතැන් පටන්ය.’ මා කළ ගවේෂණ ‘එය පාඨක උත්තේජනය වෙනුවෙන් නැගුණු ප්‍රතිචාරයකි.හේතුවාදී සාහිත්‍යය තව දුරටත්පරිහරණය කිරීමෙි අභිරැචියකින් පසුවන පාඨකයන් හට මෙය ‘දෙවියෝ සහ භුතයෝ ‘ අභිබවාලන කෘතියක් වනවාට කිසිදු සැකයක් නැත.පහසුවෙන් රැවටෙන,අසන දකින දේ සොයා නොබලා අදහන මිනිසුන්ගේ එම දුබලකමිවලට සිනාසෙමෙින් කොවූර් මෙම ග්‍රන්ථය ලියා ඇත්තේ අපුරැ ශෛලයකිනි.ඔහු සිනසෙන්නේ මිනිසුන් හිස මත දරා සිටින මොහාන්ධකාරයට මිස එම බරින් පීඩා විඳින මිනිසුන්ට නොවෙි. මිථාවෙි බරින් මිදීමට හේ ජනතාව වෙත සුරත දිගු කරන්නේ උතුරා යන මානව දයාවකිනි.වසර අසුවක් ඈතට දිවගොස් නිවී ගිය මොහුගේ ජිවිතය පුරාම එම මානව දයාව ඉතිර පැවතුනි.

විවිධ සංනිවෙිදන මාධ්‍යයන් ඔස්සේ මිථ්‍යා මතිමතාන්තර ජන ජිවිතය පුරා පැතිරෙමින් පවතින අවධියක කොවූර් නැති පාඩුව මඟ හරවා ගැනිමට මෙම කෘතිය මඳ වශයෙන් හෝ උපකාරී වන්නේ නමි ඔහු මෙවැන්නක් ලිවිමෙි අරමුණ එයින් ඉටු වනවා ඇත.

එඩිවඩි චන්ද්‍රසිරි

Ma Kala Gaweshana by එච්.එස්.ධර්මපාල සේනාරත්න is a Sinhala book published by JK LAW BOOKS, listed under PSYCHOLOGY, Religion & Beliefs.

Book details

Titleමා කළ ගවේෂණ (Ma Kala Gaweshana)
Authorඑච්.එස්.ධර්මපාල සේනාරත්න
LanguageSinhala
Pages288
CoverSoft Cover
ISBN9789550942282
PublisherJK LAW BOOKS

Technical details

Product №LKXPQC759V
GTIN / barcode9789550942282
Shipping weight357 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent