From the publisher
''අප්පච්චි... දුක හිතෙන්නැත්නම් බඩ්ඩක් අහන්නද?”
ජයේ දන්නවා ඒ මොකක්ද කියලා. ජයේ හිස වැනුවේ හා කියන්න.
''ගමේ මිනිස්සුයි ඉස්කෝලෙ ළමයිනුයි හැමෝමයි කියන්නෙ අම්මා කවුදෝ මිහිහෙක් එක්ක පැනලා ගියා කියලා. ඒත් අප්පච්චි කියන්නෙම අම්මා රට ගියා, කවදාමහරි අපි බලන්න එයි කියලා. කෝකද අප්පච්චි ඇත්ත?”
ඒ දෙකම නෙවෙයි කියලා කියන්න හිතුනත් ජයේ සද්ද නැතුව හිටියා
''මිනිස්සු කියන්නෙ අම්මා නරක ගෑනියෙක් කියලා.”
''මේ ලෝකෙ නරක ගෑනු නෑ මගෙ මැණිකේ... එහෙම හිටියත් නරක අම්මලා නෑ. කිසිම අම්මා කෙනෙක් නරක ගෑනියෙක් නෙවෙයි. උඹලාගෙ අම්මා කොහෙත්ම නරක ගෑනියෙක් නෙවෙයි. ඒක මට වඩා හොඳට කවුරුත් දන්නෑ.”
Kathora by Apoorwa Mandarami is a Sinhala book published by Nohandunanni Publications, listed under Fiction & Literature, Novels.
Book details
| Title | කඨෝර (Kathora) |
| Author | Apoorwa Mandarami |
| Language | Sinhala |
| Pages | 302 |
| Cover | Soft Cover |
| ISBN | 9786246596200 |
| Publisher | Nohandunanni Publications |



