From the publisher
සරණා ඈ නිහඬව බලා ඉනු දැක කීවේය.කපුරු මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අඟුරුවන්ව ඉතිරි වූ දර ඉපල්,අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය.ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මූකලානත්,අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය.ඒ හැම මාරුවක දී ම ඇගේ දෑස් මොහොතක් වේලා තමා වෙත ද යොමු වනු සරණාගේ කුහුල් ඇසට හසුවිණි.ඇයගේ පැවතුම අමුතුය.සරණාට එය වැටහේ.ඔහු සෝදිසියෙන් කපුරු දෙස බලා හුන්නේය. ඈ හැඳ සිටි රෙදි කඩෙහි දෑත් පිස දමමින් ඉදිරියට ආවාය.සරණා බලා සිටියේ ඈ කිසිවක් කියනු ඇතැයි බලාපොරොත්තුවෙනි.එහෙත් ඈ කුමක් හෝ ඇසුවේ නැත. ඇයගේ ගමන තම ඇඟේහි ගෑවී නොගෑවී නවතින විට,"මොකද්දෑ මේ?"යි ඔහුට ඇසුණේ ඉබේමය.ඇගෙන් පිළිතුරක් නොලැබිණි.එහෙත් ඇගේ ඇස අමුතු විය.
Garunda Muhurthaya by Keerthi Welisarage is a Sinhala book published by Sarasavi Prakashakayo, listed under Award Winners, Fiction, Fiction & Literature.
Book details
| Title | ගරුඩ මුහුර්තය (Garunda Muhurthaya) |
| Author | Keerthi Welisarage |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553106599 |
| Publisher | Sarasavi Prakashakayo |


