Lakpura
Lakpura® · Books

Galu Muwadora Warna Wiplawaya

From$11.00

From the publisher

2022 මාර්තු සිට ජූලි දක්වා ගාලු මුවදොර පැවැති 'අරගලය' ශ්‍රී ලංකාවේ ස්ථාපිත දේශපාලන ව්‍යුහයට මහත් බලපෑමක් හා අභියෝගයක් කළ සංසිද්ධියකි. ගාලු මුවදොර සංදර්ශනාත්මක සිදුවීම් පමණක් ආවරණය කරන ඇතැමෙක් එය ඉතා සුන්දර, සාමකාමී, නිර්දේශපාලනික සිදුවීමක් ලෙස හුවා දක්වති. ප්‍රචණ්ඩත්වයෙන් හා බලහත්කාරයෙන් සලකුණු වූ ‛අරගලය' විසින් ඡන්දයෙන් තෝරාගත් ජනාධිපති පලවා හැරීම හා ඒ පිටුපස විදේශ රාජ්‍යයන්ගේ මැදිහත්වීම යටපත් කොට ඇත. එය සැබෑ ලෙසම එවක ජනාධිපතිට හා ඔහුගේ පවුලට එරෙහි විරෝධතා ව්‍යාපාරයක ස්වරූපයෙන් මෙරට සිංහල - බෞද්ධ බහුතරයේ පාලනයට විරුද්ධව ක්‍රියාත්මක වූ දේශපාලනයකි.

‛අරගලය’ නමින් හඳුන්වන ලද ව්‍යාපාරය විෂයය කොට මොහාන් සමරනායක විසින් රචනා කරන ලද 'ගාලු මුවදොර වර්ණ විප්ලවය හෙවත් රෙජිම් චේන්ජ් ව්‍යාපෘතිය 2022’ නමැති කෘතිය රෙජිම් චේන්ජ් මෙහෙයුම් ඉතිහාසය, ගාලු මුවදොර 'අරගලයේ’ පසුබිම, භූ දේශපාලන හා ආර්ථික සාධක, ජනමාධ්‍ය චර්යාව, ආරක්‍ෂක හමුදා ක්‍රියා කලාපය, දේශපාලන හා ආර්ථික ප්‍රතිවිපාක ආදී පැතිකඩ විමර්ශනය කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියකු වන මොහාන් සමරනායක මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දශක හතරකට වැඩි පරිචයක් ඇති මාධ්‍යවේදියකු හා පොදු බුද්ධිමතකු වෙයි. ඔහු ස්වාධීන මාධ්‍යකරණය හා දැනුවත් මහජන සංවාදය වර්ධනය කිරීමට මහඟු දායකත්වයක් ලබා දී ඇත. සම්මත හා මධ්‍යස්ථ දේශපාලන විශ්ලේෂණය, පාලනය පිළිබඳ ගැඹුරු අදහස් පළ කිරීම හා නිවැරැදි වාර්තාකරණය අතින් ඔහු විශේෂයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටී.

චාර්ය ගාමිණී සමරනායක

Galu Muwadora Warna Wiplawaya by Mohan Samaranayaka is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Society Politics & Current Affairs.

Book details

Titleගාලු මුවදොර වර්ණ විප්ලවය (Galu Muwadora Warna Wiplawaya)
AuthorMohan Samaranayaka
LanguageSinhala
Pages544
CoverSoft Cover
ISBN9786242042961
PublisherFast Publishing (Pvt) Ltd

Technical details

Product №LKG4DVRVCF
GTIN / barcode9786242042961
Shipping weight638 g
ISBN978-6242042961
Pages544
LanguageSinhala
PublisherFast Publishing (Pvt) Ltd
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent