Lakpura
Lakpura® · Bücher

Amariya Sil

Ab€6.05

From the publisher

ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැද ගනිමින් තිබිණ. බරපතල තුවාලකරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබුවන් පවා ඒ වන  විට සිටියේ බොහෝ සෙයින් අඩපනවය. අඛණ්ඩ ලේ වහනය ද, වේදනාව ද ඔවුන්ව පෙළමින් තිබුණේ එකසමවය . තුවාලකරුවන්ගේ හැකිළුණු මුහුණු අතරින් වුවද අපේක්ශා සහගත දෑස් දිලිසෙමින් තිබිණ. ඔවුන් සෑම අයකුගේම අවධානය නිරන්තරට යොමුවී තිබුණේ අහස දෙසය. ක්‍රමයෙන් හෙලිකොප්ටරයක හැඩ ඇතින් ඇසෙන්නට විය. එකවන්නේ දර්ශනය නොවුව ද, එය MI-17 වර්ගයේ යානාවක් බැව් හඳුනා ගන්නට එහි සිටි කිසිවකුටත් අපහසු නොවීය. එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අයවලුන් සූදානම් ඉරියව්වකට පැමිණීමට යුහුසුළු වනු පෙනිණ. එසේම සිහිසුන් තරමට බරපතල තත්ත්වයේ පසු වූවන් පවා හෙළිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇසිපිය මදක් විවර කොට ජීවත්වීම උදෙසා වන සිය බලවත් උවමනාවේ තරම පෙන්වන්නට වූහ.

හෙලිකොප්ටරය තුළ ඔක්සිජන් හා රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුවන් තත්ත්වය තවදුරටත් අවදානම් වන්නට විය. සිය පපු ප්‍රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබු හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුනේය. වෛද්‍ය සහායකයා ඒ අසලින්ම රැඳෙමින් ඔහු වෙනුවෙන් සියලු වැර යොදන්නට වූයේ තටත් කළ හැකි යමක් ඉතුරුට තිබේදැයි නිරතුරු විමසිළිමති වෙමින් සිය පිවිතය ජීවත් කරවීම උදෙසා හෙළිකොප්ටරය තුළ සෙසු අය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබූ සෙයකි. එනිසාම සියලු අපහසුතා හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයම් කරනු පෙනිණ.

Amariya Sil by Sujith Chaminda Edirisinghe is a Sinhala book published by Author Publication, listed under Adult, Fiction, Fiction & Literature.

Book details

Titleආමරිය සීල් (Amariya Sil)
AuthorSujith Chaminda Edirisinghe
LanguageSinhala
Pages238
CoverSoft Cover
ISBN9789559719168
PublisherAuthor Publication

Technische Details

GTIN / Barcode9789559719168
Versandgewicht302 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Das könnte Ihnen auch gefallen

Lakpura®-Berater fragen