Lakpura
Lakpura® · كتب

Ugalen Karayo

من$4.41

From the publisher

ඉතිහාසය සහ ප්‍රබන්ධ කථාව අතර මෙන්ම ජනශ්‍රැතිය සහ ප්‍රබන්ධ කථාව අතරද සිදු වනුයේ ඉතා පැහැදිලි සබඳතාවක් හෝ එකිනෙක මත උද්‍යෝගය දල්වමින් අන්‍යෝන්‍යව බැඳුණු අන්තර් - විෂයක ක්‍රියාකාරකමකි.

ප්‍රබන්ධ කථාවක අන්තර්ගත වන ඉතිහාසය පිළිබඳ හෝ එහිම අන්තර්ගත වන ජනශ්‍රැතියෙහි ඇති කාර්යමය වැදගත්කම කෙරෙහි ද අවධානය යොමු කිරීම කතාකරුවෙකුගේ වගකීමක් වීම වැළැක්විය නොහැකිය. විශේෂයෙන් ඉතිහාසයෙන් හෝ ජනශ්‍රැතියෙන් සමාජ සංස්කෘතියක් වෙත වැටෙන අන්තර් දෘෂ්ටිමය ආලෝක කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කිරීම වැදගත්ය.

එයාකාරයට සම්ප්‍රදායන්හි පැවැත්ම නිරීක්ෂණය කිරීම, එම සම්ප්‍රදායන්හි සංස්කෘතික සන්දර්භ පිළිබඳ අප තුළ ඉතා හොඳ දැනුම්වත් භාවයක් ජනිත කරයි. එය මිනිසා - මිනිසා අතරත් මිනිසා සහ ස්වභාව ධර්මය අතරත් සිදු වන අන්තර් සම්බන්ධතාවක් වශයෙන් මෙන්ම සමාජ ක්‍රමයෙහි කොටසක් වශයෙන් ද වාර්තා වෙමින් ප්‍රතිනිර්මාණය විය යුතුය. මිනිසාගේ සියලු චර්යා එකට යා කරන ජීවන ක්‍රමය සංස්කෘතිය වන්නේය යන කාරණය නිරතුරු සිහි තබා ගැනීම, ජනශ්‍රැති පර්යේෂකයාටත් ඓතිහාසික ප්‍රබන්ධ කථාකරුවාටත් එක ලෙස වැදගත් සහ ප්‍රයෝජනවත් විය හැකිය.

Ugalen Karayo by Sunanda Premasiri is a Sinhala book published by Sarasavi Publication, listed under Fiction, Fiction & Literature, Historical.

Book details

Titleඋගලෑං කාරයෝ (Ugalen Karayo)
AuthorSunanda Premasiri
LanguageSinhala
Pages247
CoverSoft Cover
ISBN9789553132819
PublisherSarasavi Publication

التفاصيل الفنية

GTIN / الرمز الشريطي9789553132819
وزن الشحن312 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®