From the publisher
ඩග්ලස් ගඟට බැස්සේ වැලි කූඩ දෙකක් ගොඩදාගන්නය. බකිනිලන්ද තොටුපළට මෙහායින් ගං දියේ කිමිදී වැලි කූඩය පුරවමින් උන් ඩග්ලස් එකවරම තිගැස්සිණ.ඔහුට තරමක් නුදුරින් සුදුපාට ඡායාවක් දියයටය. පේන හැටියට කවුරුන් හෝ දියයට හැංගී තමා දිහා බලා ඉන්නවා වගේය. “මොකාද බොල මා එක්ක හැංගිමුත්තන් කරන්නේ ..”වැලි එකතු කිරීම පසෙක තබා ඩග්ලස් ඡායාව දෙසට පිහිනා ගියේ කුතුහලයෙනි. ටික ටික එයට කිට්ටු වෙද්දී දිය රැළිති සමඟ දඟදාන දිගු කොණ්ඩයත් මල් ගවුමත් නිසා මේ ගැහැනියක බව ඔහුට තේරිණ. “දෙයියන්ටම පෙනීයන්...”තවත් ටිකක් කිට්ටු වෙද්දී වතුරට තැම්බී සුදු පාට ගැහුණු අත පය වල වෙනස ඩග්ලස් දුටුවේය. මේ පණ ඇති ගැහැනියක නොවන බව දැන් ඔහුට විශ්වාසය. “කවුරු හරි වතුරේ ගිලිලා මැරිලා...”සිහින් භීතියකින් ඇඟපත කිලිපොලා යද්දී ඩග්ලස් වහාවහා ඉවුරට පීනා ගමට ඇහෙන්න හූවක් කීවේය. “හූ.......කවුදෝ ගඟේ ගිලිලෝ... විගහට වරෝ.....” ඩග්ලස්ගේ හූ හඬ සුළඟත් සමඟ අවට පැතිරිණ.
Thotupala Nihandayi by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Prakashana, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | තොටුපළ නිහඬයි (Thotupala Nihandayi) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550225576 |
| Publisher | Warna Graphic & Prakashana |


