From the publisher
තමා හැදී වැඩුනු පරිසරයෙන් ලත් අත්දැකීම් අසුරෙන් ඈ විසින් ලියන්නට යෙදුනු රතු හිසකේ ඇති උද්යෝගිමත් දැරිය ගේ අත්දැකීම් සහිත ‘ඈන්’ නවකතා පෙළත්, නිර්මාණශීලී දැරියක ගේ ජීවිතය පිළිබඳ ව විවරණයක යෙදෙන ‘එමලි ’ නවකතා ත්රිත්වයන් අමරණීය කෘතීන් බවට පත් ව ඉතිහාසය ට එක් වී ඇත. මොන්ට්ගොමරි ගේ ළමා කෘතීන් පිළිබඳව විවරණයක යෙදෙන සුප්රකට ලේඛක මාර්ක්ට්වේන් වරෙක මෙසේ ප්රකාශ කර ඇත. මොන්ට්ගොමරි ගේ ළමා කෘති, ළමා විය පිළිබඳ ව මෙතෙක් ලියැවී ඇති මිහිරිතම නිර්මාණයන් ය. මොන්ට්ගොමරි ගේ ‘ඈන් ‘ සහ ‘එමලි‘ කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප්රමාණයක ට පරිවර්තනය වී තිබේ. ‘ඈන්’ නවකතා පෙළ මෙන් ම ඇගේ ‘එමලි ’ නවකතා ත්රිත්වය ද සොබාදහම සහ ළමා විය පිළිබඳ ව විවරණය කරන අපුර්වතම නිර්මාණයන් ය.
ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා වෙසෙන දරුවන්ට ආදර්ශයක් සපයයි .
Emili 2 by Manel Jayanthi Gunasekera is a Sinhala book published by Pahan Publisher, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | එමිලි 2 (Emili 2) |
| Author | Manel Jayanthi Gunasekera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-8909-76-3 |
| Publisher | Pahan Publisher |



