Lakpura
Lakpura® · Books

Sanda Sandayuru

From$7.70

From the publisher

හරියටම අවුරුදු දහයකට පස්සේ, ශේන් මගේ ගාව මෙහෙම නිදාගෙන ඉන්නවා දකිද්දී මට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරිවුණා. ඊටත් පස්සේ පාලනය කරගන්නම බැරි මගේ හිත එක්ක මම එය ගාවට ගිහින් වාඩිවෙලා ඒ මුණ දිහා බැලුවා. මට එතකොට මතක් වුණේ අපි දෙන්නගේ චූටි කාලේ. ශේන්.. මගේ චූටි කාලෙම සතුටින් පුරවපු ඒ කණ්ණාඩ් කොලුවා.. අනේ අද එයා කොයිතරම් වෙනස් වෙලාද?

ශේන් කණ්ණාඩ් දෙකත් දාගෙන ඔහේ වැටිලා වැටිච්ච අතට නිදාගෙන ඉන්න හැටි දකිද්දී මට හරි දුක හිතුණා. එයාගේ රැවුල ඉස්සර වගේම එක දවසට දික්වෙලාද මන්දා. අන්තිමේදි ඉවසගන්න බැරිම තැන දැනෙන්න නොදැනෙන්න මම එයාගේ කම්මුලක් හිමීට අතගෑවා. ඊටත් පස්සේ මම හරි පරිස්සමින් එයාගේ කණ්ණාඩි දෙක ගැලෙව්වා. තව, වලස් තොප්පියක් වගේ වැව්ලා නියෙන කොණ්ඩෙන් චුට්ටක් අනින් හැදුවා.

ඒ එක්කම මම විදුලි වේගයෙන් මගේ අත ශේන්ගේ කොණ්ඩෙන් ඇදලා අරගත්තා. මට ඒ වෙලේ මාව වෙව්ලනවා වගේ දැනුණා. නමක් දෙන්න බැරි බැදීමක් මගේ හිතට කියාදෙන්න මට බය හිතුණා.

Sanda Sandayuru by ඉමේෂා මාධවී මල්ලවආරච්චි is a Sinhala book published by සඳමාධවී ප්රකාශකයෝ, listed under Novels.

Book details

Titleසඳ සඳයුරු (Sanda Sandayuru)
Authorඉමේෂා මාධවී මල්ලවආරච්චි
LanguageSinhala
Pages384
CoverSoft Cover
ISBN9786245584468
Publisherසඳමාධවී ප්රකාශකයෝ

Technical details

GTIN / barcode9786245584468
Shipping weight462 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent