From the publisher
මේ පස්වලට යට වෙලා ඉන්න මිනිස්සුන්ගේ කතාවල් අපිට එකින් එක අහගෙන ඉන්න පුළුවන් නම් අපේ ජීවිතේ තේරුම් ගන්න එක අපිට මහ අමාරුවක් නැහැ. සමහරවිට තෙුන් දෙනෙක්ගේ කම විදිහෙ කතාවල් අහන්න පුළුවන් වෙයි, ඒ හැම කතාවකම අවසානය සමුගැනීමක්. හැඟුම්බර දුක්බර සමුගැනීමකින් කෙළවරවීමක්. ඒ ඔක්කොම අහගෙන ඉන්න තියෙනවනම් මම අහගෙන ඉන්නවා. එතකොට ජීවිතය ඉගෙන ගන්න පුළුවන්. ජීවිතය ජය ගන්න මිනිස්සුන්ගෙ ජීවිතේ පැරදුණ මිනිස්සුන්ගේ කතා එකට එකතු උනහම ජීවත්වෙන මිනිස්සුන්ට ජීවිතය හොයාගන්න ලේසි වෙයි. හරියට ඇක්මන් අයිය වගේ. ඇක්මන් අයිය මේ මලකඳන් අතර ජීවිතය හොයනව වගේ. කිසිම හාවක් හූවක් නැති අතීතයක් විතරක් තියෙන මිනිස්සුන්ව තවත් මිනිස්සු ටිකක් ඇවිත් වළක පොළොව යට හංගල ගියාට ඇක්මන් අයිය ඒ මිනිස්සුන්ව ආයෙ වළෙන් උඩට ගන්නෙ ඇක්මන් අයියගෙ ජීවිතේ හොයාගන්න. සමහර විට තව අයට ජීවිතේ හොයලා දෙන්න.
Hina Mayima by Tharidu Amila is a Sinhala book published by Grantha.lk, listed under Adult, Fiction, Novels.
Book details
| Title | හීන මායිම (Hina Mayima) |
| Author | Tharidu Amila |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245394067 |
| Publisher | Grantha.lk |



