Lakpura
Lakpura® · Livres

Newar Layi

À partir de€7.47

From the publisher

අලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ ටි්‍රශියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි.

නගරයෙන් දුර බැහැර, හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩි්‍රයන් හේල් නමැති සුප්‍රසිද්ධ මනෝවෛද්‍යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය.

හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් ටි්‍රශියා, මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයාගැනීම අහඹුවකි. ඒ තුළ වූයේ වෛද්‍ය ඒඩි්‍රයන් තම රෝගීන් සමඟ පැවැත්වූ සැසිවාර සියල්ල පටිගත කළ හඬපටය. හඬපට එකින් එකට සවන්දෙන අතරතුර, වෛද්‍ය හේල්ගේ අබිරහස් අතුරුදන්වීමට තුඩුදුන් අවාසනාවන්ත සිද්ධි දාමයක්ම ටි්‍රශියා ඉදිරියේ දිගහැරෙමින් තිබිණ. ඈ ඒ රහස් සියල්ල හෙළිකරගත්තාය.

රැය පහන් වනතුරුම ටි්‍රශියා හඬපට එකින් එක ශ්‍රවණය කළාය. ප්‍රහේලිකාවක කොටස් මෙන් ඒවා මනාව එකිනෙක හා සම්බන්ධ වූ අතර, වෛද්‍ය ඒඩි්‍රයන් හේල්ගේ ජීවිතයේ රහස් රැසක් හෙළිවෙමින් තිබිණ.

අවසානයේ ටි්‍රශියා අන්තිම හඬපටයද අසන්නට සැරසිණි.

ඒ අවසන් හඬපටය තුළ උක්ත සිදුවීමේ බිහිසුණු සත්‍යය සම්පූර්ණයෙන්ම අන්තර්ගතව තිබෙනු ඇත.

Newar Layi by Tharushi Niranga Jayasinghe is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Thriller, Translations.

Book details

Titleනෙවර් ලයි (Newar Layi)
AuthorTharushi Niranga Jayasinghe
LanguageSinhala
Pages335
CoverSoft Cover
ISBN9786246570460
PublisherMuses Publishing House (Pvt) Ltd

Caractéristiques techniques

GTIN / code-barres9786246570460
Poids d’expédition409 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®