Lakpura
Lakpura® · Livres

Maithripala Sirisena - Sihinaya-nonimiya

À partir de€20.53

From the publisher

මටම ආවේණික මාගේ වසර 52 ක දේශපාලන ජීවිතය ආරම්භයේ සිට මේ දක්වා සටන්කාමි විය. ඒ රටට සහ ජනතාවට පිරිසිදු දේශපාලන ක්‍රමයක් හා යහපත් සමාජයක් ලබා දීම උදෙසාය. වසර 52 දේශපාලන ජීවිතයේ වඩාත්ම දැඩි තීන්දු හා තීරණ වලට එළැඹිමට මට සිදු වූයේ ආණ්ඩුව තුළම රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් සටන් කිරීමට සිදු වූ නිසාය. අද වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ශරීරය මුළුමනින්ම ජරාජීර්ණව හා පිළිකුලට ලක් වෙමින් තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව අන්ත දූෂිත ප්‍රභූ ධනපති දේශපාලන පැලැන්තිය ජාතික දේශපාලනයේ ප්‍රබල උරුමකරුවන් බවටපත්ව සිටින බැවිනි.

එම නිසාම සක්‍රීය දේශපාලනයේ යෙදෙමින්, ඉවසිලිමත්ව පසුගිය අතීතයේ දින ආවර්ජනය කර දේශපාලනික ආත්ම විවරණයක් ලියා තැබීමේ අපහසු කාර්යයට මා මීට තෙවසරකට පෙර ආරම්භයක් ගතිමි. ධුර කාලය තුළ ස්වයං ස්මරණීය නිල චරිතාපදානයක් ලිවීම සැබවින්ම වෙහෙස කර මෙන්ම අර්බුදකාරී කර්තව්‍යයකි. සියලු දේශපාලනික සිද්ධීන් අප විසින් පාකච්ඡා කරන ලදි. මගේ දැනීම නිවැරදි නම් ශ්‍රී ලංකාව තුළ විධායක ධුරයක් දරමින් සිටින අතරතුර ස්වයං ස්මරණීය නිල චරිතාපදානයක් එළිදැක් වූ ප්‍රථමයා මම වන්නෙමි. මෙහි ඇත්තේ මාගේ ජීවිතය තුළ දේශපාලනික තර්කයකට හසු කර ගනු ලැබූ සිද්ධීන්ගේ මාගේ දෘෂ්ටි කෝණයයි. ඊට පරිබාහිර වූ බොහෝ අදහස් හා මතවාද තවකකුට තිබෙන්නට පුළුවන. සත්‍ය ඇත්තේ ඒ සියල්ල අතරය.

මෛත්‍රීපාල සිරිසේන.

 

Maithripala Sirisena - Sihinaya-nonimiya by Ganga Rajinee Disanayaka is a Sinhala book published by Author Publication, listed under Biography, Politics.

Book details

Titleමෛත්‍රීපාල සිරිසේන - සිහිනය-නොනිමිය (Maithripala Sirisena - Sihinaya-nonimiya)
AuthorGanga Rajinee Disanayaka
LanguageSinhala
Pages365
CoverHard Cover
ISBN9786249564800
PublisherAuthor Publication

Caractéristiques techniques

Produit №LKEMETTBZ5
GTIN / code-barres9786249564800
Poids d’expédition592 g
Malaka
Votre conseiller produit

Malaka Cadre supérieur

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Malaka — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®