Lakpura
Lakpura® · Libros

Chakrawarthi

Desde€5.64

From the publisher

ඔහුට නිදන්නට පිල්කඩ සූදානම් කළ ඇය පැල ඇතුළේ කළුවරේ ම රෙද්දක් බිම එළමින් සිටියේ ඇයට නිදන්නට ය. ඔහු සෙමින් විත් පිලපිට පැදුර මත එලූ ඇතිරිල්ලේ වැතිර ගතේ ය.

රාත්‍රිය මෝරමින් තිබිණි. දැවැන්ත පලු කොටයේ රත් පැහැ ගිනි අගුරු දිදුලන්නට විය. මෝරන සඳමඩල විසින් විසුරුවා දමනු ලැබ තිබූ ළා සඳරැස් පිල්කඩ මත ඇතිරිල්ලක් අතුරා ඇතිවාක් මෙන් ය. ගිනි මැලයේ රක්තාලෝකය ද එතැනට යාන්තමින් එළිය දෙන රෑ පහනක් මෙන් විය. හිං හීතලද දැනෙමින් තිබිණි. උඩුබැලිව වැතිරුණු ජයතු බණ්ඩා බලා සිටියේ යාන්තමින් සඳදිය උතුරන සඳමඩල දෙසය. සිතුවිලි නොසන්සුන්ය. නින්ද අහලකවත් නැත. එහෙයින් නොසන්සුන් සිත දමනය කරගන්නා භාවනාවක් ඔහු අත්හදා බලන්නට පටන්ගත්තේ ය.

යාන්තමින් දැස පියවීගෙන එද්දී සැවැන්දරා සුවඳක් සමග කිසිවෙක් තමාට නුදුරින් වැතිරුණු බවක් ඔහුට දැනිණ. එක්වරම ඔහු අත ගියේ පැදුර යට සැගවූ කිනිස්ස වෙතය.

“ඇතුළෙ කළුවරයි අයියණ්ඩි.. මට බය හිතුණා.” ඒ හඬ සිහින් කෙඳිරියක් මෙන් විය.

කොහේදෝ සිට පාව ආ වලාකුළකින් ළා සඳමඩල වැසී ගියේය.

Chakrawarthi by චූලාභය ශාන්ත කුමාර හේරත් is a Sinhala book published by ෆාස්ට් පබ්ලිෂර්ස්, listed under Novels, Swarna Pusthaka 2022.

Book details

Titleචක්‍රවර්තී (Chakrawarthi)
Authorචූලාභය ශාන්ත කුමාර හේරත්
LanguageSinhala
ISBN9786242040233
Publisherෆාස්ට් පබ්ලිෂර්ස්

Detalles técnicos

GTIN / código de barras9786242040233
Peso de envío250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

También te puede gustar

Pregunte a un agente de Lakpura®