From the publisher
වෙව්ලන දෑතින්ම විදුලි පන්දම අල්වා ගත් හෙතෙම නැවතත් එය ඒ දෙසට යොමු කළේ තමා දුටුවේ හිතලූවක්දැයි සක්සුදක් සේම සැක හැර දැන ගැනීමටය.
නැත!
එය ඔහු සිත රැඳි හිතලූවක් නොවීය. එය සැබෑවකි.
එය ඔහු කිසිසේත්ම නැවත දකින්නට ලැබේ යැයි සිතූ දර්ශනයක් නොවීය. එකිනෙක වෙනස් නිල් හා කහ පැහැති දෑසක් ......!
ඔව්!
ඒ.... එම දෑසම බැව් හෙතෙම සිතීය.
රුධිර කේෂ නාලිකාවලින් ගහන, රක්ත වර්ණයට හැරුණු නිල් - කහ දෙඇස් තමාට කිසිඳු කලක අමතක වේ යැයි හේ නොසිතීය.
Pinna by Harsha Mallawaarachchi is a Sinhala book published by Grantha.lk, listed under Fiction, Novels, Thriller.
Book details
| Title | පින්න (Pinna) |
| Author | Harsha Mallawaarachchi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245572304 |
| Publisher | Grantha.lk |



