From the publisher
සමන්තා නිකමට මෙන් කැඩපත ගෙන කම්මුල පිරික්සුවාය. මේ කම්මුල් දැන් ඔහුගේ පහරවල්වලට හොඳින් හුරුය. තමා පෙම් කළ හීන කුමාරයා මොහු නොවේ. තමාට දැන් අවශ්ය තමා හීන ලෝකයට ගෙන යන හැඩි දැඩි කඩවසම් පෙම්වතෙකු නොව, තම දරුවන්ගේ වගකීම් කරට ගනිමින්, තමාත් සමග ජිවිතයේ දුක සැප බෙදාගන්නා ආදරණීය ස්වාමි පුරුෂයෙක්ය යන ඇත්ත සමන්තා තේරුම් ගනිමින් සිටියාය. ගැහැනිය කවර කරුණක් ගැන වුවද බොහෝ විට යුක්තිය විසදන්නේ සිය හදවතට නැගෙන විදියට මිස මනසින් කෙරෙන විග්රහයක් අනුව නොවේ. ඈ අතින් කෙරෙන බොහොමයක් වැරදිවලට හේතුව එයම වේ. සමන්තා ද තීරණ ගන්නේ හදවතිනි. හදවතට එකඟ වූ සෑම අවස්ථාවකම ඇයට හිමි වූයේ පරාජයයි. "ඔය කීවට කේන්තිය නිවුණාම බඩගිනි දැනුණාම ආපහු මෙතෙන්ටම එනවා... එයාට හයියක් කොහෙන්ද ගිහින් මහතුන්ගෙන් සල්ලි ඉල්ලගන්ඩ..." සමන්තා තමාටම කියා ගත්තාය. වේදනාවටත් වඩා කාංචනා ගැන ඇතිවූ ඊර්ෂ්යාවකින්ද ඇගේ හදවත පෙලුණි.
Kandulu Kunatuwa by Tharanga Dissanayake is a Sinhala book published by Thara Prakashana, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | කඳුළු කුණාටුව (Kandulu Kunatuwa) |
| Author | Tharanga Dissanayake |
| Language | Sinhala |
| Pages | 272 |
| Cover | Soft Cover |
| ISBN | 9789551116347 |
| Publisher | Thara Prakashana |


