From the publisher
මේක දූවිලි අංශුවක කතාවක්.
දූවිලි අංශුව ඉපදුණේ පොළොවේ.. දූවිලි අංශුවට කවදාවත් මහපොළොවේ උරුමයෙන් මිදෙන්න බැහැ.
ඒත් දූවිලි අංශුව ඉන්නේ අහසේ.මහපොළොවේ කොටසක්ව හිඳිමින් ම දූවිලි අංශුව ආකාසේ සැරිසරනවා.
කඳු, හෙල්, නිම්න පසුකරමින්, තැනිතලා ගිරි දුර්ග තරණය කරමින්, අව් වැසි සුළඟින් බැට කමින් ගෙවන මහපොළොවේ ජීවිතය ගැන දූවිලි අංශුව දන්නවා.
ඒ වගේ ම ආකාස ජීවිතයේ තියෙන නිදහස, සැහැල්ලුව, හුදෙකලාව දූවිලි අංශුව අත්විඳිනවා.
මහපොළොවේ සුවඳ විඳිමින්, ඒත් මහපොළොවෙන් දුරස්ථව ඉන්න විට හැම දෙයක් ම වඩාත් පැහැදිලිව පෙනෙනවා.
ළඟින් ඉන්නකොට නොපෙනෙන දේවල් දුරින් ඉන්නකොට පෙනෙනවා.
“ආකාස සූත්රය” කියන්නේ අහසේ සැරිසරන දූවිලි අංශුවකට පෙනෙන මහපොළොවේ ජීවිතයේ කතාවයි.
Akasa Suthraya by Rasika Jayakody is a Sinhala book published by KBooks Publications, listed under Books, Fiction, Fiction & Literature.
Book details
| Title | ආකාස සූත්රය (Akasa Suthraya) |
| Author | Rasika Jayakody |
| Language | Sinhala |
| Pages | 218 |
| Cover | Soft Cover |
| ISBN | 9786245737406 |
| Publisher | KBooks Publications |



