සිලෝන් කරුප්පු (Ceylon Cinnamon) අත්‍යවශ්‍ය තෙල් (essential oils), කැසියා කුරුඳු (Cassia Cinnamon) වලින් ලබාගන්නා අත්‍යවශ්‍ය තෙල්වලට වඩා බෙහෙවින් උසස් යැයි සැලකේ, මන්ද රසායනික සංයුතිය සහ සංයෝග චිකිත්සක අගයෙන් උසස් බැවිනි. අපගේ සිලෝන් කුරුඳු (Ceylon Cinnamon) කොළ අත්‍යවශ්‍ය තෙල ලබාගනුයේ ශ්‍රී ලංකාවේ (සිලෝන්) වගා කරන සිලෝන් කුරුඳු ගස්වල කොළ උල්පාදනය කිරීමෙනි (distilling). සිලෝන් කුරුඳුගේ ගුණාත්මකභාවය තීරණය වනුයේ තෙල තුළ පවතින යුජිනෝල් (Eugenol) ප්‍රමාණය මතය. එම ප්‍රමාණය වැඩි වන තරමට තත්ත්වය වඩාත් හොඳය. යුජිනෝල් ප්‍රමාණය 75% ට වැඩි ඕනෑම ප්‍රමාණයක් ඉතා හොඳ තත්ත්වයක් ලෙස සැලකේ. අපගේ කුරුඳු කොළ අත්‍යවශ්‍ය තෙලෙහි 70% - 85% අතර යුජිනෝල් අන්තර්ගතයක් පවතී.
භාවිතයන් : සිලෝන් කුරුඳු කොළ අත්‍යවශ්‍ය තෙල මාංශ පේශි වේදනා, මොටු වීම්, රූමැටික් රෝගය සහ ආතරයිටිස් ලිහිල් කිරීමට උපකාරී වන බව ඔප්පු වී ඇත. රූපලාවණ්‍ය හෝ ත්වචීය ලෙස භාවිතා කළ විට, කුරුඳු කොළ තෙල වියළි සම සමනය කිරීමට, කුරුලෑ සහ කැසීම් සඳහා, ආසාදන සුව කිරීමට, රුධිර සංසරණය වැඩි දියුණු කිරීමට, කල් ඇතිව සම වයසට යාම වැළැක්වීමට, රැඳී පවතින දුර්ගන්ධ වළක්වාලීමට, දත් කැක්කුම සඳහා, හිස උකුණන් ප්‍රතිකාර කිරීමට සහ කෘමීන් දුරලීමට ප්‍රසිද්ධය. සිලෝන් කුරුඳු කොළ අත්‍යවශ්‍ය තෙල, සිලෝන් කුරුඳු පොතු අත්‍යවශ්‍ය තෙලට වඩා ලාභදායී විකල්පයක් වන අතර එහි පොතු තෙලට වඩා අඩු සිනමල්ඩිහයිඩ් (Cinnamaldehyde) අන්තර්ගතයක් පවතී.පිවිතුරුබව : 100%
උද්භිද නාමය : Cinnamomum zeylanicum
ක්‍රමය : වාෂ්ප ආසවනය (Steam Distillation)
ශාක කොටස : කොළ
ස්වරය (Note) : මධ්‍යම
සුවඳ : මිහිරි, කුළුබඩු සහිත, උණුසුම්, දැව ස්වභාවයේ
වර්ණය : ලා දුඹුරු
ඇසුරුම් කිරීම : අම්බර් පැහැති ඩ්‍රොපර් බෝතලයක.
අවවාදය : ඇස්වලට ස්පර්ශ වීම වළක්වා ගන්න. කුපිත වීමක් ඇති වුවහොත් භාවිතය නවත්වන්න. ස්වාභාවික අත්‍යවශ්‍ය තෙල් ඉතා සාන්ද්‍රිත බැවින් සමට ආලේප කිරීමට පෙර වාහක තෙලක් (carrier oil) සමඟ මිශ්‍ර කළ යුතුය.


