ඇමරිකාව ගැන, ජීවිතය ගැන, අනාගතයේ කුමක් ගෙන එනු ඇත්දැයි කියා මා තවමත් නොදන්නා දේ බොහොමයක් තිබේ. නමුත් මා මා ගැන හොඳින් දනිමි. මගේ පියා, ෆ්රේසර්, මට වෙහෙස මහන්සි වී වැඩ කරන්නටත්, නිතර සිනාසෙන්නටත්, මගේ වචනය පිළිපදින්නටත් උගැන්වීය. මගේ මව, මැරියන්, තනිව සිතන්නටත්, මගේම හඬ භාවිතා කරන්නටත් මට පෙන්වා දුන්නාය. චිකාගෝ නගරයේ දකුණු දෙසින් තිබූ අපගේ පටු මහල් නිවාසයේදී, අපගේ කතාවේ, මගේ කතාවේ, අපගේ රටේ වඩා විශාල කතාවේ වටිනාකම දැකගන්නට ඔවුන් එක්ව මට උපකාර කළහ. එය අලංකාර හෝ පරිපූර්ණ නොවූ විටවත්, එය ඔබ අපේක්ෂා කරනවාට වඩා සැබෑ වූ විටවත්. ඔබේ කතාව යනු ඔබ සතු දේය, ඔබට සදහටම තිබෙන දේය. එය හිමිකම් කියන්නට සුදුසු දෙයකි.
Barefoot Bookshop මගින් සපයන ලදී, Galle Road, කොළඹ.


