Lakpura
Lakpura® · Livres

Sitha Thama Suwandayi

À partir de€5.44

From the publisher

.. ම ..මට සමාවෙන්න මිස්..""

ආපසු යනවාදැයි එසේත් නැත්නම් තව පැය කිහිපයක් හෝ මෙතන රැඳී සිටිනවාදැයි සිතා ගතනොහැකිව දිනූකා මිස් කාමරයේ මැද නතර වූවාය. ඒ සොඳුරු වුවනතේ තිබුණේ අසීමිත වූ ආදරණීය බවකි. එක වරක් හෝ ඒ දිගු ඇහිපියන් යට සැනසෙන්නට ලැබේ නම් කියනා අනුරාගී සිතුවිල්ල මගේ *

සිතේ ඇඳී සැණෙකින් මැකී ගියේය. දෙවියනේ... මා මේ සිතන්නේ මොනවාද..? .. කාංවන ඉන්න.. මට තවත් මෙහේ වැඩ කරන්න බෑ. මං ගෙදර යනවා...."

වෙනස්ම වූ හඬකින් දිනුකා මිස් කීවාය. ඒ කටහඬේ වූ අතිශය හැඟීම්බර ගෑනු කටහඬට මම වශීවී හියෙමි. මේ තරම් අපූරුවට කතා කරන්නට පුළුවන්කම තියෙද්දි ඇය අර තරම් රළු විදියට කතා කරන්නේ ඇයි? මම සිහිනයකින් ඇවිදින්නා සේ ඇය වෙතට ගියෙමි.

*.. මිස්ට මෙතන ඉන්න බැරි මං හින්ද නම් මම ගෙදර යන්නම් මිස්... මේවා මිස්ට අයිති දේවල්... මිස්ට ඕන දෙයක් කරන්න බලය තියෙනවා. මං වගේ කාලකණ්ණියෙක් හින්දා මේක දොලා යන්න එපා. මිස් මෙතන හැමදාම ඉන්න... මම යන්නම්..

ඇය ඉදිරියේ මම බැගෑපත් උනෙමි. මේ රණ්ඩුව කෙසේ හෝ අදවත් විසඳා ගත යුතුය.

** ගෙදර යන්න ඕන නෑ.. දිගටම වැඩ කරන්න... මං ආයෙ ඔයාට කරදරයක් වෙන්නෙ නෑ...* කාමරයේ දොර ළඟටම ගොස් ආපසු හැරී ඇය කීවාය. හුන් තැනින් අඩි කිහිපයක් ඉදිරියට විත් මම ඇය කරා ළං උනෙමි. වැටුණු උණුසුම් කඳුළුවල කැළැල් ඉතිරිවී තිබුණු නිල් මහනෙල් දෙනෙත එක එල්ලයේම යොමු වී තිබුනේ මවෙතටය.

Sitha Thama Suwandayi by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Prakashana, listed under Novels.

Book details

Titleසිත තාම සුවඳයි (Sitha Thama Suwandayi)
AuthorYawwana Sameendra Rathnayake
LanguageSinhala
Pages200
CoverSoft Cover
ISBN978-9559876244
PublisherTashen Prakashana

Caractéristiques techniques

Poids d’expédition260 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®