From the publisher
ගොරෝසු ඇඟිලිතුඩු මොකක් දෝ තෑග්ගක් ඇසුරුම් කරමින් තිබිණ. දෙතුන්වරක්ම උත්සාහ කළද තවමත් අවැසි නිමාව ඔහුට නොලැබුනු හැඩයි! ඉදින් ඒකාගේ මූණත්තහඩුව අටපට්ටම් වී ගියේ පුත්තලම් බූරුවන් දෙතුන්දෙනෙක්ගේ වයස ගෙවුණත් තවමත් තමාට හරිහැටි තෑග්ගක් ඇසුරුම් ආරගත නොහැකි නිසා විය යුතුයි!
"ඔය කාටද මහෝඝ?"
යාන්තම් අර අටපට්ටම් වී තිබුණු මූණත්තහඩුවට එළියක් වැටුණේ දැන් ය. හැම අසීරු මොහොතකම ළඟ ඉන්නා ඉෂ්ඨ දේවතාවිය අදත් නියම වෙලාවට ඔහු ළඟට ඇවිල්ලාය!
මේ හිච්චි සඳකඩයා බලන්න යන්න ගත්ත ගිෆ්ට් පැක් එක... තවම බැරි උණා හරියට රැජ් කරගන්න..."
මහෝඝ සිය ඉෂ්ඨ දේවතාවියගේ මී පැණි පාට නෙතු දිහා බලාගෙන කුටු කුටු ගෑවේය. ඉදින් ඈ මහෝඝ අසලට ඇවිදින් එකාගේ දිගටි කොණ්ඩය අවුස්සා දමා තෑග්ග ඇසුරුම් --—කරන්හට පටන්-ගත්තාය.
Sansare Histhen by Minal Theekshana is a Sinhala book published by Sithuwili Publications, listed under Fiction & Literature, Novels.
Book details
| Title | සංසාරේ හිස්තැන් (Sansare Histhen) |
| Author | Minal Theekshana |
| Language | Sinhala |
| Pages | 488 |
| Cover | Soft Cover |
| ISBN | 9786245673551 |
| Publisher | Sithuwili Publications |



